Tuesday, May 31, 2016

නිළධාරින්ගේ හා දේශපාලන බලයෙන් මහවැලි ගගේ මහා වැලි ජාවාරමක් - ඩෝසර් මහවැලි ගගට බස්සවා වැලි කැණිම් ජයටම - පරිසර සතියේදියත් නොනාවතින ලකුණු

2016-05-31 ප.ව. 2:44
පරිසර සතියක් අතිගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශයට පත් කර තිබියදිත් මහියංගනයේ මහවැලි ගගේ නිති විරෝධි ආකාරයෙන් දේශපාලන බලය හා නිළධාරින්ගේ සහයෙන් සිදුකරනා ජාවාරමක් පිළිබදවයි මේ අණවරණය.
මහියංගන ප්‍ර දේශයේ රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් ගඩොල් - උලු කම්හල මේ වන විට ගුවන් හමුදාව යටතේ පාලණය කෙරේ.
එහි ලංකා පිගන් සංස්ථාවට අයත් වගාව නම් ප්‍ර දේශයේ වු ඉඩමේ මහවැලි ගං තොටුපල මේ වන විට කිසියම් පුද්ගලයෙකු හට බදු දී ඇති අතර එම බදු ලබාගත් පුද්ගලයා මහවැලිගගේ වැලි කැණිම් පලත්‍ර කොන්දේසි රැසක් උල්ලන්ගනය කරමින් නිති විරෝධි ආකාරයෙන් වැලි ගොඩදැමිම සිදු කෙරේ.
ඒ හේතුවෙන් විශාල පරිසර හානියක් සේම නිතිමට කොන්දේසි පිළිපදිමින් වැලි කැණිම් සිදු කරන අයට බලවත් අසාධාරණයක් සිදු කරමින් සිටිනා බවත් වගකිවයුතු නිළධාරින් නිතිය ක්‍රියාවට නන්වන නිළධාරින් මුනිවත රකින බවත් දේශපාලන හා නිළධාරින්ගේ සහයෝගයෙන් මෙම නිති විරෝධි වැලි තොටුපල පවත් වාගෙන යන බවට මහියංගන ප්‍ර දේශවාසින් වැලි සංගම් නියෝජිතයන් චෝදනා කරති.
වැලි ගොඩදැමිම සිදු නොකරන දිනයන් වල (සදුදා බදාදා සිකුරාදා හැර) වෙනත් දිනයන් හිදී ඩෝසර් මහවැලි ගගට බස්සවා වැලි කදු ගැසීම/ ගොඩ කිරිම / සුද්ද කිරිම සිදු කරයි. සෑම වැලි තොටුපලකම ගං ඉව්රේ වැලි මංකඩක් සෑදිය යුතු අතර එහි සිට බොට්ටුවලින් ගෙන එන වැලි ටැට්ටර් වලට පැට විය යුතුය. මෙම තොටු පොලේ එසේ මංකඩක් නොමැති අතර ගං ඉව්රේ තිබිය යුතු වැලි ටැක්ටර් ගග මැද මීටර් 75ක් පමණ ගෙන ගොස් වැලි පටවා ගනී. වැලි තොටුපලක් සදහා එක් බල පත්‍රයකට තිබිය යුත්තේ වැලි ගොඩදැමිම සදහා බෝට්ටු 2ක් වන අතර මෙම තොටු පලෙහි ඊට වඩා වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් වැලි ගොඩ දැමිම සිදු කෙරේ. ඩෝසර් යොදා විශාල ලෙස වැලි පටවා විශාල ආගාද මෙන් වලවල් සෑදි තිබේ. වැලි කැණිම් සදහා කිසිදු යාන්ත්‍රික මෙවලමක් බාවිතා නොකල යුතු යන්න බල පත්‍රෙය් තිබියදී මහවැලි ගගට ඩෝසර් දමා වැලි කැනිම. පාරවල් කපා වාහන ගගට ඇතුලත් නොකල යුතු යන්න බල පත්‍රෙය් තිබියදී ගග මැද දක්වා පාරක් කපා ගග මැදින් වැලි පැටවීම. ගගේ පතුල හෑරිම නොකල යුතුයැයි තිබියදී ඩෝසර් යොදා වැලි කැණිම සිදු කර විශාල ආවාට මේ වන විට නිර්මාණය වී ඇත. නිත්‍යානු කූල ආකාරයට වැලි ගොඩ දමනන් දින 05ක් ගොඩ දමනා වැලි ප්‍රමාණය නිති විරෝධි ලෙස මෙම ජාවාරම් කරුවන් දිනක් තුලදී ගොද දමන බව ගම්වාසින් හා වැලි සංගම් නියෝජිතයන් චෝදනා කරති.
අතිගරු ජනපතිතුමන් විසින් පරිසර සතියක් නම්කර පරිසර හානි සිදු කරනා ස්ථාන හා පිරිස් සම්බන්දයෙන් සොයා බලන ලෙස දැනුම්දී තිබියදී මෙම වැලි ජාවාරම් කරුවන් හට රිසිසේ පරිසරය විනාශ කරන්නට කටයතු කරනා නිළධාරින් පිලිබද සොයාබලන ලෙස ප්‍ර දේශවාසින් අතිගරු ජනපතිතුමන්ගෙන් ඉල්ලා සිටි.






No comments:

Post a Comment