Monday, May 23, 2016

බෞද්ධ කොඩි වලට හා වෙසක් කුඩුවලට ගිනිතැබිමේ සිද්ධියට අත් අඩංගුවටගත් මුස්ලිම් තරුණයෝ 8 දවස් 10ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

 5/23/2016 4:29 PM
වෙසක් පෝය දින රාත්‍රියේ මහියංගන දඹගොල්ල ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩුවටල ගිනිතැබීමේ සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබු මුස්ලිම් ජාතික තරුණයන් 08 දෙනා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය හමුවට අද (23) සවස 3.30ට පමණ ඉදිරිපත් කිරිමෙන් පසු 2016-06-02 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග නිකුත් කරනු ලැබු අතරු එදිනට සැකකරුවන් හදුනාගැනිමේ පෙරට්ටුවක් සදහාද ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබිය. මෙම නඩුව සදහා නිතිඥයන් කිසිවෙකුත් මුස්ලිම් තරුණවයන් පාර්ශවය සදහා ඉදිරිපත් නොවිනි.
මුස්ලිම් තරුණයන් අධිකරණය වෙත ඉදිරිපත් කරන මොහොතේදී දැඩි ආරක්ෂක රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කල අතර අධිකරණය ඉදිරිපිට ප්‍ර දේශයේ විහාරස්ථාන රැසක මහා සංඝරත්නය හා ප්‍ර දේශවාසි තරුණයන් විශාල පිරිසක් රැස්ව සිටියේය.
වෙසක් පෝය දින රාත්‍රියේ මහියංගන දඹගොල්ල ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩුවටල ගිනිතැබීමේ සිද්ධිය සම්බන්දයෙන් දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන්ගේ පැමිනිල්ලකට අනුව පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් තරුණයන් 08ක් පසුගිය (22) දහල් මහියංගන පොලිසිය විසින් සැක පිට අත් අඩංගුව ගනු ලැබුවා.
පසුගිය 22 දින දඹගොල්ල ගම්මානයේ තරුණයන් විසින් සංවිධානය කර තිබු සරවරාත්‍රික පිරිත් ධර්ම දේශනය වෙනුවෙන් වෙසක් පොහොය දින (21) රාත්‍රියේ පිරිත් කොටුවක් සාදමින් සිටි තරුණයන් පිරිසක් බුලත් ගෙන ඒමට කඩමන්ඩියට ගිය විට පගර ගම්මන ගම්මානයේ සිටි පැටිනා වර්ගයේ යතුරුපැදි දෙකකින් පැමිනි තරුණයන් 08 දෙනෙකු තමන් සමග කතා කර පිටව ගිය බවත් පසුව ඔහුන් ගමන් ගත් මාර්ගයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු පුච්චා දමා තිබු බව දඹගොල්ල ගම්මානයේ තරුණයන් පවසනවා. පසුව ඒ බව තරුණ සමිතියේ සභාපතිතුමන් දැනුවත් කර රාත්‍රි 01.00 පමණ දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන් දැනුවත් කිරිමෙන් අනතුරුව පසුගිය 22 උදැසන හිමියන් විසින් මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දැමු බව තරුණයන් ප්‍රකාශ කර සිටි.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.









No comments:

Post a Comment