Monday, May 23, 2016

දඹගොල්ලේ බෞද්ධ කොඩි වලට හා වෙසක් කුඩුවලට ගිනිතැබිමේ සිද්ධියට මුස්ලිම් තරුණයෝ 8ක් සැකපිට අත් අඩංගුවට


 5/22/2016 3:42 PM
වෙසක් පෝය දින රාත්‍රියේ මහියංගන දඹගොල්ල ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩුවටල ගිනිතැබීමේ සිද්ධියක් සම්බන්දයෙන් දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන්ගේ පැමිනිල්ලකට අනුව පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් තරුණයන් 08ක් සැකපිට අද (22) දහවල් අත් අඩංගුවට ගත් බ මහියංන පොලිසිය පවසනවා.
22 දින දඹගොල්ල ගම්මානයේ තරුණයන් විසින් සංවිධානය කර තිබු සරවරාත්‍රික පිරිත් ධර්ම දේශනය වෙනුවෙන් වෙසක් පොහොය දින (21) රාත්‍රියේ පිරිත් කොටුවක් සාදමින් සිටි තරුණයන් පිරිසක් බුලත් ගෙන ඒමට කඩමන්ඩියට ගිය විට පගර ගම්මන ගම්මානයේ සිටි පැටිනා වර්ගයේ යතුරුපැදි දෙකකින් පැමිනි තරුණයන් 08 දෙනෙකු තමන් සමග කතා කර පිටව ගිය බවත් පසුව ඔහුන් ගමන් ගත් මාර්ගයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු පුච්චා දමා තිබු බව දඹගොල්ල ගම්මානයේ තරුණයන් පවසනවා. පසුව ඒ බව තරුණ සමිතියේ සභාපතිතුමන් දැනුවත් කර රාත්‍රි 01.00 පමණ දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන් දැනුවත් කිරිමෙන් අනතුරුව අද (22) උදැසන හිමියන් විසින් මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දැමු බව තරුණයන් ප්‍රකාශ කර සිටි.
අත් අඩංගුවය ගත් මුස්ලිම් තරුණයන් 08 දෙනා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.


























No comments:

Post a Comment