Monday, May 2, 2016

දින අටක් තිස්සේ සත්‍යාග්‍රහයේ නියැලි දෙමාපියන්ට විරුද්දව සේරාන විද්‍යාලයේ දෙමාපියන්ගේ විරෝධතාවයක් - මාධ්‍යෙව්දින් සේරාන පාසැලතුලට කැදවා මාධ්‍යෙව්දින් මුදලට ගැනීමේ තැත වරදී..


5/2/2016 8:52 PM
ඉවත් කරනු ලැබු ප්‍රාථමිකය නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් ඔරුබැදිවැව පාසැල ඉදිරිපිට පොල්අතු මඩුවක දෙමාපියන් හා පළමු ශ්‍රේණයේ දරුවන් පිරිසක් දින අටක් තිස්සේ අඛන්ඩ අපවාසයේ නිරතව සිටින අතර 8වන දිනටත් කිසිදු විසදුමක් ලබා නොදිම හේතුවෙන් සත්‍යග්‍රහයේ නිරතව සිටි දරුවන්ගේ මව්වරු දෙදෙනෙක් හා පියවරු දෙදෙනෙක් අද(02) පාසැල ඉදිරිපිට ගස් දෙකක් මත නැග්ගේය. ඔරුබැදිවල ද්විතික පාසැලේ ප්‍රාථමිකය නැවත ආරම්භ කරන තුරු බිම නොබසින බව ඔහුන් පවසති.
මෙසේ දින අටක් තිස්සේ අඛන්ඩව සත්‍යග්‍රහයේ නිර දෙමාපියන්ගේ ඉල්ලීම බළධාරින් ඉටු කලහොත් අවට පාසැල් 4ක් වැසෙන බව පවසමින් සේරාන ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් හා ප්‍රා දේශිය සභ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු විසින් මහියංගන පදියතලා මාර්ගයේ සාමකාමි විරෝධතාවයක් සංවිධානය කර තිබුනේය. දෙමාපියන් 150ක් පමණ ඊට සහබාගි වු අතර ඔරුබැදිවැව ද්විතික පාසැලේ නැවත ප්‍රාථමිකය ආරම්භ කරනු ලැබුවහොත් ද්විතික පාසැල අවට ප්‍රාථමික පාසැල් 4ක් වැසෙන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්දානයේ හිටපු මන්ත්‍රි ආර් එම් එල් ජයවීර මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් “ අපිට අද වෙනකොට මෙහෙම උද්ගෝෂණයක් පවත්වන්ඩ අවශ්‍යතාවයක් තිබුනේ නෑ.ඌව පළාත් මහ ඇමති සේරානෙ උත්සවයකට ආපු වෙලාවේ..ප්‍රාථමික ඉස්කෝල හතර, සේරාන, වෙලම් පැලේ, උල්හිටිය, ධර්මපාල ප්‍රාථමික විද්‍යාල වල යම් අඩුපාඩුවක් තියෙනවානම් ඒව සම්පුර්ණ කරන්ඩත්, ද්විතික පාසලක් ලෙස තියෙන ඔරුබැදිවැව ද්විතික පාසැල සංවර්ධනය කර ඉදිරියට ‍ගෙනියන්ඩ තිරණය කරා එදා. ඌව පළාතේ ආන්ඩුකාර වරයාට ඉහලින් ආන්ඩුකාරවරයෙක් මෙහො ඉන්නවාද මම දන්නේනෑ. මොකද අද ආන්ඩුකාර වරයා තීරණයක් අරගෙන තියෙනවා,ද්විතිප පාසල් සංවර්ධන වැඩසමටන සාර්ථක වීම තුල පවතින ක්‍රමය වෙනස් නොකරන බව ලිඛිතව 2016-04-06 දින අපිය එවලා තියෙනවා. , සේරාන, වෙලම් පැලේ, උල්හිටිය, ධර්මපාල ප්‍රාථමික වහනවාද? නැත්නම් ඒ ඉස්කෝල හතර දියුණුකර ගනිමින් ද්විතික පාසල දියුණු කරනවාද කියලා තිරණය කරන්ඩ ඕන. අපේ ළමයි ප්‍රාථමිකයෙන් පසේ බදුල්ල නුවරට අරගෙන යන්ඩ වෙනවා. ඔය කෑගහන එක්කෙනෙකුට දෙන්නෙකුට ඒකනම් කරන්ඩ පුලුවන් වෙයි. ඒක මේ අහින්සක මිනිසුන්ට කරන්ඩ බෑ. දෙමාපියෝ 400ක් විතර මහඇමතිතුමා හම්බවෙලා මේ ප්‍රශ්නය ගැන කියන්ඩ යෑමේදි මහජන නියොජිතයෙක් ලෙස මට සිද්ද උනා පෙරමුන අරගෙන කටයුතු කරන්ඩ. එදා මහ ඇමතිතුමා ප්‍රශ්නය අවබෝද කරගෙන ගත්තු අන්තිම තීරණය, ගරු ආණ්ඩුකාර තුමාගේ ලේකම් තුමා ද්විතික පාසැලේ නැවත ප්‍රාථමිකය ආරම්භ කරන්ඩ දෙන්නෑ කියලා අපිට ලියුමක් එවලා තියෙනවා. ඒක නිසා මේක විනාශ කරන්ඩ, දෙමාපියන්ඩ වල කපන්ඩ පුංචි දුව දරුවන්ට වල කපන්ඩ මේ ඉල්කෝල හතර වහන්ඩ කව්රුහරි කටයුතු කරනවා නම් ඒ අයට දෙයියන්ගේම පිහිටයි කියලා මම කියනිවා. අපේ මහ ඇමති තුමාට ජය වේවා...චාමර සම්පත් මහ ඇති තුමාට ජය වේවා... හරි තැන ඉන්නා මහ ඇමතිතුමාට ජය වේවා“ යැයි ප්‍රකාශයක් ලබා දෙමින් ජනතාව සමග ඔල්වර සම් දුන්නේය.
මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුනිල් විජේරත්න මහතා සේරාන ප්‍රාථමික විද්‍යාලයේ විරෝධතාවය පැවති ස්ථානයට පැමිණි අතර මෙම ගැයලුව සම්බන්දයෙන් ප්‍රශ්න කර සිටි විට මාධ්‍ය සදහා අදහස් දැක්වීමට නොහැකි බව ප්‍රකාශ කර අදහස් දැක්වීමෙන් වැලිකි සිටියේය.
පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතවීමෙන් අනතුරුව විරෝධතාවය අවසන් වු අතර පැමිණ සිටි මාධ්‍යෙව්දින් හට තේපැන් සංග්‍රහයක් පාසැල තුල සකස් කර ඇතිබව දන්වා දෙමාපියන් විසින් පැමිණ සිටි මාධ්‍යවේදි සියල්ලම සේරාන ප්‍රාථමිකය තුලට කැදවාගෙන ගොස් මාධ්‍යෙව්දින් හට පාසැල තුලදීම රුපියල් 1000 මුදලක් බලහත්කාරයෙන් ලබාදීමට දෙමාපියෙකු උත්සාහ ගත් අතර මාධ්‍ය වේදින් එය ප්‍රතික්ෂේප කර සිටියේ මාධ්‍යෙවේදින් හෑල්ලුවට ලක් නොකරබ ලෙස ඔහුන්හට අවවාද කිරිමෙන් අනතුරුවයි.‍
“ අපේ ලගම පාසැලට අපිට යන්න ඉඩ දෙන්න“ යැයි ඉල්ලමින් කුඩා දරුවන් පිරිසක් හා දෙමාපියන් මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසැල ඉදිරිපිට 25දින උදැසන 7.00ට සිට ආරම්භ කරනු ලැබු සත්‍යාග්‍රහය අවවන දිනය අද(02)ට දිනටත් අඛන්ඩව පැවැතිනි.
දින අටක් තිස්සේ අඛන්ඩ අපවාසයේ නිරතව සිටින අතර 8වන දිනටත් කිසිදු විසදුමක් ලබා නොදිම හේතුවෙන් සත්‍යග්‍රහයේ නිරතව සිටි දරුවන්ගේ මව්වරු දෙදෙනෙක් හා පියවරු දෙදෙනෙක් පාසැල ඉදිරිපිට ගස් දෙකක් මත නැග්ගේය. ඔරුබැදිවල ද්විතික පාසැලේ ප්‍රාථමිකය නැවත ආරම්භ කරන තුරු බිම නොබසින බව ඔහුන් පවසති.
සත්‍යග්‍රහයේ නිරතී දෙමාපියන් අතරින් ඔරුබැදිවැව ආදිශිෂ්‍ය සංගමයේ ලේකම් ඒ.ඩි. පියදාස මහතා “ ඔරුබැදිවැව ප්‍රාථමිකය ඉල්ලලා අදට දින 08යි. මේකට ඌව පළාත් මහ ඇමති තුමා විසදුමක් දෙනාවා දැන් දවස් දෙකකට කලින් ඔරුබැදිවැව ප්‍රාථමිකය වෙලම් පැලේ පාසැලට ගෙනිහින් වෙලම්පැලේ ප්‍රාථමිකයේ බෝඩ් එක ගලවල ඔරුබැදිවැව ප්‍රාථමිකය කියලා ගහලා දෙන්නම් කියලා කිව්වා. ගරු මහ ඇමතිතුමනි ඔබතුමා මේ තිරණය ගන්නේ මේකට විරුද්දම විදුහල් පති වරු හතර දෙනෙක් ගෙන්නලා අහනවා ඔරුබැදිවැවට ප්‍රාථමිකය දෙන්න කැමතිද කියලා? ඇමති තුමනි මේ සාක්ච්චාවට අපේ පාර්ශවයෙන් කිසිම කෙනෙකුට එන්ඩ කිව්වෙත් නෑ. ගෙන්නුවෙත් නෑ. ඒ නිසා තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඔබතුමා හරියට ඔය කෙරුවේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් නොවෙයිද කියලා අපි අහන්ඩ කැමතියි. දැන් අපේ අම්මාලා දෙන්නෙක් හා තාත්තලා දෙනෙක් ගස් නැගලා තියෙනාවා ඉල්ලීම් දෙනකම් බහින්නේ නෑ කියලා. මේකෙදි යම් කිසි විදියකට මේ අයට මොකක් හරි අනතුරක් උනොත් මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇතුලු සියල්ල මේකට වග කියන්ඩ ඕන. මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා අර චක්‍රලේක මේ චක්‍රෙල්කකිය කියා නේනලා ඔරුබැදිවැවට ප්‍රාථමිකය දෙන්න බෑ කියනවා. අපි ප්‍රශ්න කර සිටිනවා එතුමාගෙන් එතකොට එතුමා කොහොමද ගිරාදුරුකෝට්ටේ ද්විතිප පාසැලට ආපහු ප්‍රාථමිකය දුන්නේ කියාලා?? මේක සෙල්ලමක් නෙවෙයි. මේ දෙමාපියෝ මෝඩයෝ නෙවෙයි. අපි කියන්නේ අපේ ප්‍රශ්නයට පැහැදිලි විසදුමක් දෙනකම් අපි මේ දැඩි ක්‍රියාමාර්ගවලින් නවතින්නේ නැතිව ජිවිත පරිත්‍යාග කර හෝ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා“ යැයි කියා සිටියේය.
  • ඌව පළාත් මානව හිමිකම් නිධළාරින් අද (02) සවස මෙම කාන්තාවන් ගස් නැගසිටි ස්තානයට පැමිනි අතර සාකච්චා කර ප්‍රශ්න විසදාගත හැකි බවත් ඒ සදහා ගසින් බිමට බසින ලෙස දැන් වුවද ගස් නැග සිටි සියලු දෙනා ඒ සදහා විරුද්ද වී ඉල්ලිම ප්‍රතික්ෂේප කල අතර ඉල්ලිම ලැබෙන තුරු ගසින් නොබසින බව කීවේය.
















No comments:

Post a Comment