Saturday, May 21, 2016

උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් ‍පෝය අදයි


7:31 AM 5/21/2016
ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් ලෙස සැලකෙන අප ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය ඇතුළු සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට යෙදී ඇත.
වෙසක් පොහොය බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ති‍්‍රවිධ මංගල්‍ය සිදුවුණේ වෙසක් පෝය දා බව ඔබ දන්නවා.ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුස්ව, දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ ද වෙසක් පෝදාක.බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කොට කැලණිය ශී‍්‍ර පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළ උතුම් දවස වෙසක් පුන් පොහෝ දාය.
සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශී‍්‍ර පාද ලාංඡනය පිහිටුවීම.
සොළොස්මස්ථාන නමින් හඳුන්වන ස්ථාන දහසයහිම සමවත් සුවෙන් වැඩහිඳ පුදබිම පිරිසිදු කිරීම සිදු කළෙත් වෙසක් පෝ දා.
සිංහල ජනවංශයේ ආදිතමයා වන විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට පැමිණියේ ද වෙසඟ දිනයක බව වංශ කතාවල සඳහන් වෙනවා.දේවානම්පියතිස්ස රජු දෙවැනි වර රාජාභිශේක ලැබීම, දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑයට විසා නැකතින් මුල්ගල් තැබීම ද සිදුවුණේ උතුම් වෙසක් පුර පසළොස්වකදා ය.
අවිද්‍යාවේ අඳුර නසමින් සකල ලෝක වාසීන් දුකින් මුදා ගැනීමට අප මහ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් ඇවිද අවසන් ආත්ම භාවයේ කිඹුල්වත් නුවර ශුද්ධෝදන රජතුමන් හා මහාමායා දේවිය මව්පියන් කොට ලුම්බිණි සල් උයනේදී උපත ලබන්නේ අදවන් පින්බර ‍පොහෝ දිනකයි.

No comments:

Post a Comment