Monday, May 9, 2016

ගෞරව නාමයෙන් පිදුම් ලැබු මහියංගණයේ රුහුණු වෙදමහතා හරසරින් පිළිගෙන ඇගයිමට ලක්කෙරේ

10:37 AM 4/24/2016
එක්සත් ජාතීන්ගේ සංගමය,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සම්මේලනය,ජාත්‍යන්තර සංකලිත වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමය ඒකාබද්ධව වෛද්‍ය වෘත්තිය පුනර්ජීවණය උදෙසා බුද්ධි මහිමය,.කුසලතාව,.පොදුජන හිත සුව පිණිස සිය ජීවිතය කැප කරමින් සිදුකල උත්තරිතර සමාජ මෙහෙවර අගය කරමින් "කීර්ති ශ්‍රී දේශබන්දු වෛද්‍යාභිමාණී "යන ගෞරව නාමය මහියංගනයේ වෛද්‍යාචාර්ය කේ .රුබසිංහමහතාට පසුගියදා පුදකර තිබේ.
මහියංගන ජනතාව වෙනුවෙන් ඒ මහතා පිළිගැනීම හා ඇගයීමකට පසුගිය දා ලක් කරන ලදී. ජන හා සංඛා ලේඛණ දෙපාර්තමේන්තුවේ සංඛාලේඛණ නිළධාරි ආර් ජි ධර්මසේන මහතා විසින් මෙම ඇගයිමේ උත්සවය සංවිධානය කරතිබු අතර රූබසිංහ මහතාගේ පවුලේ සාමාජිකයන්ටද මෙම අවස්ථාව සදහා ආරාධනා කරනු ලැබ තිබුණි.
රූබසිංහ මහතා විසින් සිදු කරනු ලැබු අපරිමිත සමාජ මෙහෙවර හා සමාජ සේවය තුලින් ගෞරව නම්බුනාමයන්ගෙන් පිදුම් ලබා මහියංගනයට ගෙනා කිර්ථිය ඇගයිනු වස් සංඛාලේඛණ නිළධාරි ආර් ජි ධර්මසේන මහතා විසින් රූබසිංහ මහතා හට තිළිණ ප්‍රධානයක් සිදු කර හෘදයාංගම ස්තූතිය ඵල කර සිටියේය.
මෙම අවස්ථාව සදහා මහියංගනයේ ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිළධාරින් , විශ්‍රාමික නිළධාරින් හා පුභූන් පිරිසක් සහභාගී වි සිටියෝය.










No comments:

Post a Comment