Saturday, May 21, 2016

තමන්ගේ විනෝදෙට තිබ්බ මුදල් දරුවන්ගේ හෙට දවසට කැප කල ආදර්ශමත් මහියංගනයේ සේවක පිරිස

2016-05-21 පෙ.ව. 9:25
පරාර්ථකාමි මිනිසා ලොව තවතවත් ලස්සන කරයි. උතුම් සම්බුදු තෙමඟුල නිමිත්තෙන් තමන්ගේ විනෝදය වෙනුවෙන් තම ආයතනය වෙන්කල මුද්ල් ආර්ථික අපහසුතාවයෙන් පිරි දරුවන් පිරිසකගේ හෙට දවසේ යහපත වෙනුවෙන් කැප කල පිරිසක් පිළිබදව තබන සටහනකි මේ. 
මහියංගන LOLC ආයතනයේ කළමණාකාර ලලින්ද්‍ර මදුෂාන් මහතාගේ අදහසකට අනුව තම ආයතනයේ සේවක මණ්ඩලයේ සුභසාදනය සදහා වාර්ෂිකව වෙන් කරන මුදල් ( විනෝද චාරිකා හා පාටි සදහා වෙන්කරන මුදල් ) මහියංගනයේ ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන දරුවන් 15 දෙනෙකුගේ අධ්‍යාපනය ඉහල දැමිමට අත්වැලක් සපයන්නට ඊයේ (20) කටයුතු කරනු ලැබිය. ඒ සදහා කාර්යය මණ්ඩලයේ සියලු දෙනාද ඒකමතිකව සිය කැමැත්ත ඵල කර සිටිම ඉතා සුවිශේෂි වේ.
ඒ අනුව පොල්ගහඅරාව, කෙසෙල්පොත යාය 11, හොබරියාව, වේවත්ත, පලුපිටිය ප්‍රාථමික විද්‍යාලවල දැඩි ආර්ථික දුෂ්කරතාවයෙන් හෙබි දරුවන් 15ක් වෙනුවෙන් වර්ෂයක් සදහා අවැසි අභ්‍යාප පොත්, පෑන් පැන්සල්, කවකටු පෙට්ටි, කෑම පෙට්ටි, පොත් බෑග්, සපත්තු හා මුදල් පරිත්‍යාග කිරිම ඊයේ (20) දින මහියංගන LOLC ආයතන පරිශ්‍රෙය්දි සිදු කෙරිනි. දරුවන් ගේ දෙමාපියන් වෙනුවෙන් වියලි ආහාර සලාක බෑගය බැගින් ලබාදීමටත් කටයුතු කර තිබිම විශේෂ වේ. එක් දරුවෙකු වෙනුවෙන් රුපියල් 5000කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් උපකරණ මෙහිදි බෙදාදීම සිදු විය. 
මහියංගන LOLC ආයතනයේ කළමණාකාර ලලින්ද්‍ර මදුෂාන් මහතා “ අපේ සේවකයන් සදහා වසරකට ආයතනය මගින් වෙන් කරන මුදල් වැඩි ප්‍රමාණයක් මේ අව්රුද්දේ ඉදලා අපි මෙවැනි අවශ්‍යතා ඇති පාසැල් දරුවන් වෙනුවෙන් කැප කරන්ඩ තිරණය කලා. ඒකට මගේ සියලු කාර්යය මණ්ඩලය ඒකමතිකව කැමති උනා. ඒකට මට ගොඩක් සතුටුයි. ඉදිරි වර්ශයේ අපි මේ වෙනු වෙන් මේ වර්ෂයේ වියදම් කල මුදල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් වැඩි ශිෂ්‍ය සංඛාවකගේ සුභසාදනය වෙනුවෙන් වෙන් කරන්න හා කැප කරන්න බලා පොරොත්තු වෙනවා“ පිරිස අමතමින් ප්‍රකාශ කලේය. මෙම අවස්ථාව සදහා දරුවන්ගේ දෙමාපියන්, එම විද්‍යාල වල විදුහල් පතිවරු සහබාගි වී සිටියේය.














No comments:

Post a Comment