Friday, January 9, 2015

වන ජිවි ඇමති සමග බිබිලේ ප්‍රදේශිය නායකයෙක් ගැටි දෙදෙනාම පොලිසි යයි -



වන ජිවි ඇමති සමග බිබිලේ ප්‍රදේශිය නායකයෙක් ගැටි දෙදෙනාම පොලිසි යයි - 
1/9/2015 7:56 AM
බිබිලේ 5කණුව ප්‍රදේශයේදි අද උදැසන 11ට පමණ වන ජිවි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අමාත්‍ය වරයා හා බිබිල ප්‍ර දේශයේ එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණසභාපති හා ප්‍රාෙද්ශිය සභා අපේක්ෂක පුන්සද මහකුඹුර මහතා අතර බහින් බස් විමක් ඇති වි අති අතර එය දුර දිග ගොස් සිද්දිය සම්බන්දයෙන් දෙදෙනාම බිබිල පොලිසිය වෙත පැමිණිළි කර ඇති අතර සිද්ධිය සිදු වු ස්ථානය මහියංගන පොලිස් වසමට අයත් විම හේතුවෙන් පැමිණිලි විබාග කිරිම සදහා මහියංගන පොලිසිය වෙත බාර දි ඇත.
ඒ අනුව මහියංගන සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණිලි විභාග කිරිම සදහා පාර්ශව දෙකම අද දින (08) සවස කැදවු අතර වන ජිවි අමාත්‍ය විජිත් මුනිසොයිසා අමාත්‍ය වරයා මහියංගන පොලිසිය වෙත පැමිණිලි විභාග කිරිම සදහා පැමිණ සිටියේය.
මෙම බහින් බස් විම සිදු වි ඇත්තේ වන ජිවි අමාත්‍යවරයා මාර්ගයේ ගමන් කරමින් සිටියදි පුන්සද මහකුඹුර මහතා හා ආධාර කරුවන් පිරිසක් රතින්ඤ්ඥා පත්තු කිරම හේතුවෙන් බවත් ඊට අමාත්‍යවරයා විරෝධතාවය දැක් විමට ගොස් දෙදෙනා අතර බහන් බස් විමක් දුරදිග යෑම හේතුවෙන් මෙම සිද්දිය සිදු වි ඇති බවට තොතුර අනාවරණය වේ.

අමාත්‍යවරයා පැමිණිල්ල විභාග කිරිම සදහා මහියංගන පොලිසිය වෙත පැමිණි අවස්ථාවේ ඡායා රූප ඇත




No comments:

Post a Comment