Tuesday, January 27, 2015

හිටපු වන ජිවි ඇමති උසාවියට බාරවෙයි - මහේස්ත්‍රාත්තුමිය පොලිසියට දෙහි කපයි

හිටපු වන ජිවි ඇමති උසාවියට බාරවෙයි - මහේස්ත්‍රාත්තුමිය පොලිසියට දෙහි කපයි
2015-01-27 පෙ.ව. 4:49
 ජනාධිපතිවරණ මැතිවරණ සමයේ (පසුගිය 08 දින) බිබිලේ 5කණුව ප්‍රදේශයේදි උදැසන 11ට පමණ වන ජිවි අමාත්‍ය විජයමුණි සොයිසා අමාත්‍ය වරයා විසින් පුද්ගලයෙකුගේ හිසට පිස්තෝලයක් තබා මරණිය තර්ජනය කිරිම සම්බන්දයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනවියගේ නියෝගයෙන් අමත්‍යවරයා අත් අඩංගුවට ගැනිම සදහා පොලිසිය වෙත නියෝග නිකුත් කර තිබු අතර ඒ අනුව අද ( 27) උදැසන හිටපු වනජිවි අමාත්‍යවරයා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිතිඥ මහත්වරයෙකු සමගින් බාර විය.
ඉහත පැමිණිල්ල සම්බන්දයෙන් නඩු දෙකක් අද දිනයේ අධිකරණයේ බිභාගයට ගත් අතර ගත් අතර පළමුවැන්න බිබිල ප්‍ර දේශයේ එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ සභාපති හා ප්‍රාෙද්ශිය සභා අපේක්ෂක පුන්සද මහකුඹුර මහතාට බැන තර්ජනය කිරිම සම්බන්දයෙන් චෝදනාව වන අතර දෙවැන්න පැමිණිල්ල විභාග කරිමට ගිය මහියංගන පොලිස් පරික්ෂක සම්පත් රත්නායක මහතාගේ රාජකාරියට බාදා සිදු කිරිම සම්බන්දයෙන් වු චෝදනාව යටතේ විභාගයට ගැනුනි.
එහිදි මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනවි විසින් නඩු දෙක විභාග කරණු ලැබු අතර සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අනුව අමාත්‍යවරයා පිස්තෝගයක් පාවිච්චිකර මරණිය තර්ජනය එල්ලකර තිබු  බවට චෝදනාව   පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්ථා නොකිරිම සම් බන්දයෙන් පොලිසියෙන් කරුණු විසමු අතර  වහාම ක්‍රියාත්මක වන පරිදි මිලග නඩුවාරයේදි (මැයි 19) ඒ සම්බන්දයෙන් වෙනම වාර්ථාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කරනු ලැබු අතර මහජනතාවට හා දේශපාලකයින්හට නිතිය දෙවිදියකට ක්‍රියාත්මක නොකරන ලෙස අවවාද කරනු ලැබිමෙන් අනතුරුව අමාත්‍යවරයා වෙත ඇප ලබාදිම සිදු කරනු ලැබිය. බැන තර්ජනය කිරිම සම්බන්ද නඩුව සදහා රුපියල් 15000 බැගින් මුදල් ඇපද, ලක්ෂය බැගින් ශරිර ඇප දෙකක්ද, පොලිස් නිළධාරියාගේ රාජකාරියට බාදා කිරිමේ නඩුව වෙනු වෙන් රුපියල් 25000 බැගින් මුදල් ඇපද, ලක්ෂය බැගින් ශරිර ඇප දෙකක් බැගින් වු ශරිර ඇප මත අමාත්‍යවරයා මුදාහැරිමට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනවි නියෝග කළාය.
බිබිලේ 5කණුව ප්‍රදේශයේදි පසුගිය 08 දින උදැසන 11ට පමණ වන ජිවි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අමාත්‍ය වරයා හා බිබිල ප්‍ර දේශයේ එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ සභාපති හා ප්‍රාෙද්ශිය සභා අපේක්ෂක පුන්සද මහකුඹුර මහතා අතර බහින් බස් විමක් ඇති වි අති අතර එය දුර දිග ගොස් සිද්දිය සම්බන්දයෙන් දෙදෙනාම බිබිල පොලිසිය වෙත පැමිණිළි කර ඇති අතර  සිද්ධිය සිදු වු ස්ථානය මහියංගන පොලිස් වසමට අයත් විම හේතුවෙන්  පැමිණිලි විබාග කිරිම සදහා මහියංගන පොලිසිය වෙත බාර දිම සිදු කෙරිනි.
මෙම බහින් බස් විම සිදු වි ඇත්තේ වන ජිවි අමාත්‍යවරයා මාර්ගයේ ගමන් කරමින් සිටියදි පුන්සද මහකුඹුර මහතා හා ආධාර කරුවන් පිරිසක් රතින්ඤ්ඥා පත්තු කිරම හේතුවෙන් බවත් ඊට අමාත්‍යවරයා විරෝධතාවය දැක් විමට ගොස් දෙදෙනා අතර බහන් බස් විමක් දුරදිග යෑම හේතුවෙන් මෙම සිද්දිය සිදු වි ඇත. 

 


No comments:

Post a Comment