Thursday, January 15, 2015

අනුර විදානගමගේ නව ඌව පළාත් සභාවට ගනන් එපා - තනතුර දෙන්න එපා මහියංගනයේ ගම් බිම් විදි බසි - විසදුමක් නොදුන්නොත් ගිනිතබා ගනන්වා කියා අයෙක් ටෙලි කොම් කණුවේ නගි

අනුර විදානගමගේ නව ඌව පළාත් සභාවට ගනන් එපා - තනතුර දෙන්න එපා මහියංගනයේ ගම් බිම් විදි බසි - විසදුමක් නොදුන්නොත් ගිනිතබා ගනන්වා කියා අයෙක් ටෙලි කොම් කණුවේ නගි
1/16/2015 1:39 AM

ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා ඌව පළාත් සභාව සදහා එක්කැර නොගන්නැයි ඉල්ලමින් මහියංගන විශාල පිරිසක් අද (15) මහා මාර්ගද අවහිර කරමින් මහියංගන නගරයේදි උද්ඝෝෂණයක් ඇරඹූහ. මෙම විරෝදතාවය සදහා දඹාන ආදිවාසි ගම්මානයේ ආදිවාසින්ද එක්වි සිටිම විශේෂත්වයක් වේ.
පසු ගිය මැතිවරණ සමයේ යුද හමුදා ආබාදිත රණ විරුවන්ගේ කකුල් කඩාපු, බොරු කකුල් හොරකම් කරගෙන ගිය, කුඩා දරුවන්ට පවා මැරවරයන් ලවා ගුටි බැට දුන් මෙවැනි පුද්ගලයන් ආන්ඩුවට සම්බන්ද කරගෙන තනතුරු හා වරප්‍රසාද දෙන්නේ නම් තමන් මින් ඉදිරයට ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයන් සදහා ඡන්දය ලබා දි බලයට පත් කිරිම ආරම්භකරන බව විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියා. මහියංගන පදියතලා මාර්ගය අවස්ථා ගනනකදි අවහිර කරමින් විරෝධතා කරුවන් විරෝධතාවයේ යෙදි සිටියේය.
මෙම ගැටලුව සදහා විසදුම් ලබාගැනිම සදහා ඌව පළාත් සභා අභිනව මහා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා දුරකථනයෙන් සම්බන්ද වු අතර සෙනසුරාදා දහවල් 11ට මහියංගන නගරයට පැමිණ විසදුම් ලබාදෙන බවට පොරොන්දු විමෙන් පසු විරෝධතාවය අවසන් විය. එක්සත් ජාතික පක්ෂයේ මහියංගන ආසන සංවිධායක හා ඌව පළාත් සභාවේ මන්ත්‍රි උපාලි සේනාරත්න මහතා මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.

ඒ අතර තුර පුද්ගලයෙකු මහියංගන රජමහා විහාරස්ථානයට ආසන්නයේ වු ටෙලිකොම් සංඥා ප්‍රති විකාශන කුලුණක අඩි 200ක් පමණ ඉහලට නැගි පුද්ගලයෙකු කියා සිටියේ අනුර විදානගමගේ වැනි මැරවරයන් ඌව පළාත් සභාවට සම්බන්දකර නොගන්නා බවට පොරොන්දු වන තුරු කණුවෙන් නොබසින බවට ප්‍රකාශ කර සිටියේය. පසුගිය මැතිවරණ සමයේ විශ්‍රාම ලත් ආබාදිත කර්නල් එම් චන්ද්‍රසිරි මහාට හා මැර ප්‍රහාරයක් එල්ල කල අතර ඔහු මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි. කර්නල් චන්ද්‍රසිරි මහතාගේ බාල සොහොයුරු එම් පි ඩි සුරසේන මහතා විරෝධතාවය පල කරමින් කුලුනේ නැග සිටියේය.

රජයේ ඉහල දේශපාලන නායකයෙකුගේ පොරොන්දුවක් බලා පොරොත්තුවන බවත්කි අතර, මෙවැනි දේශපාලනයට සම්බන්ද කර ගැනිමෙන් යලි මහියංගනයේ ජනතාවට පසුගිය සමයේ ගුටි කෑමට සිදු වු ආකාරයෙන් ම ඉදිරියේදිත් ගුටි කැමට සිදුවන බවත් ඊට වඩා හොදයි පෙට්රල් දමාගෙන තමන් මේ කණුව උඩම ගිනිතබාගෙන මියැදෙන බව මෙම පුද්ගලයා ප්‍රකාශ කර සිටියේ ය. ඌව පළාත් සභා මහා අමාත්‍ය හරින් ප්‍රනාන්ද මහතා දුරකථනයෙන් මෙම පුද්ගලයා සමග සම්බන්ද විමට උත්සාහ කලද ඔහු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ තම බලය වෙනුවෙන් තමන්ගේ ඡන්ද දායකයන් අමතක කර, තමන් වෙනුවෙන් මැවරයන්ගේ ගුටි පුජා වලට ලක්වු විවිධ අපහසු තාවන්ට ලක්වු තමන්ගේ ජනතාව අමතක කර මැරයන් සමග අත්වැල් බද ගත් නිසා ඔහු තමන්ට විස්වාස කල නොහැකි බව පවසා සිටියා.
සවස (අද) 3 වනතුරුත් කිසිම පුද්ගලයෙකු මෙම පුද්ගලයා සදහා විසදුම් ලබාදිමට ඉදිපත් වුයේ නැත.








No comments:

Post a Comment