Wednesday, January 7, 2015

මහියංගණයෙත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා

 මහියංගණයෙත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා
1/7/2015 11:44 AM

ජනාධිපති මැතිවරණ ඡන්ද විමසිම දින ලංවිමත් සමගම මහියංගනය ආසනය තුල මැතිවරණ  ප්‍රචන්ඩ ක්‍රියා තර්ජන පහරදිම් ඉහල යමින් තිබේ. ආන්ඩු පක්ෂ දේශපාලන නායකයන් දෙදෙනා සහ මැර පිරිස පැමිණ තමන් ගේ නිවසට පහර දි දේපල අලාභහානි සිදු කර තමන් ගේ පව්ලේ සැමදෙනාට මරණිය තර්ජනය සිදු කලේ යැයි ඩි.එම් අබේරත්න, අංක 66/3, දම්බරාව, මහියංගන යන ලිපිනයේ පදිංච් අයෙකු චෝදනා කරති. ඊයේ (06) සවස 5.30ට පමණ ඩිපෙන්ඩර් රථ කිහිපයකින් පැමිණ තමන්ගේ පුතු පිළිබද විමසු බවත් පැමිණි මැර පිරිස නිවස වටේ දුවමින් දේපළ හානි සිදු කල බවත් නිවස තුලටද රිංගා පවුලේ සාමාජික යන් හට හා කුඩා දරුවන්ට මරණිය තර්ජනය කල බවත් ඔහු වැඩි දුරටත් පැවසිය. පොදු අපේක්ෂකයා වෙනුවෙන් තමන්ගේ පුතු කටයුතු කිරිම මිට හේතුව බව ඔහු වැඩි දුරටත් පැවසිය.
මහියංගන ඔරලෝසු කණුව ආසන්නයේ සුපිරි වෙළෙද සැලක හිමිකරගේ බිරිදටද ප්‍රදේශයේ දේශපාලන නායෙකු ඊයේ (06) සවස වෙළෙදසැළතුලටම ගොස් පහර දි ඇත.
ප්‍ර දේශය පුරා විවිධ වු මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා හා බලපැම් රාශියක් සිදු වෙම්න් තිබේ. මරණිය තර්ජන හේතුවෙන් ප්‍ර දේශවාසින් නිතියේ පිහිට පැතිමට ඉදිරිපත් නොවෙති.



No comments:

Post a Comment