Sunday, January 4, 2015

දුවගේ මරණය අම්මාට සැකවිලු


1/5/2015 11:29 AM
ගිරාඳුරුකෝට්ටේ,තෙල්දෙණියාය ගම්මානයේ මැද කොටස
අංක204 නිවසේ පදිංචි විවාහක තරුණයක් ඊයේ (03 සෙනසුරාදා) සිය නිදන කාමරයේදී ගෙල වැළලාගෙන මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ ඩී.එම්.අචලා ප්‍රදීපිකා නමැති විසි හැවිරිදි තරුණියකි.
 තම බිරිය පසුගිය තුන්වනදා එනම් සෙනසුරාදා සවස පහයි තිහට පමණ කාමරයේ දොරගුලුලාගෙන සිටි බවත් දොර ඇර ගෙන එන විට සියල්ල සිදුවී හමාර බව මිය ගිය තරුණියගේ සැමියා වන ආර්.බී.වසන්ත කුමාර නමැති 25 හැවිරිදි යුධ හමුදා ලාන්ස්කෝප්‍රල්වරයා පවසයි.තමා සමග ඇය විවාහ වී මාස පහකට ආසන්න බවත් ඇය සොරණාතොට වත්තේකැලේ පදිංචි අයෙකු බව සැමියා පැවසීය.තමන් පසුගියදා නිවාඩු පැමිණි අතර මියයාමට තරම් හේතුවක් ඇයට නොතිබුනුබව ඔහු පවසයි.
මිය ගිය අයගේ පියා වන සොරණාතොට වත්තේකැලේ පදිංචි
ඩී.එම්.දිසානායක යන අය මෙසේ පැවසීය.මිය ගිහින් ඉන්න මගේදුව එයාගේ අම්මාට කථා කරලා කියලා තියෙනවා ඇයට හරි කරදරයි එක්ක යන්න මාව එවන්න කියලා.මම ආවානම් මගේ දුව මැරෙන්නේ නැහැ.සතෙකු මරන්නත් හයියක් නැති මගේ දුවට බෙල්ලේ වරල දාගන්න කොහොමත් හයියක් එන්නේ නැහැ. කොහොම වුනත් නැන්දම්මාගේ ගතු කේළාම් නිසා මගේ දුව හරියට වද වින්දා. මෙයා මැරුණේ නෑ.මරලා එල්ලුවාද වෙන මොනවා හරි කරලා මෙයා මැරුවාද කියලා මට සැකයි යැයි පැවසීය.
මිය ගිය තරුණියගේ මවවන ආර්.ඩී.විනීතා කල්යාණි මෙසේ පැවසුවාය.මියගිහින් ඉන්නේ මගේ දුව.මේදෙන්නා දුරකථනයෙන්තමයි කථා කරලා යාලුවෙලා තියෙන්නේ.අපේ එතරම් කැමැත්තක් තිබුණේ නැහැ.දුවට හරියට කරදර තිබුණා.අපේ ගෙදර ආවාම හොඳට ඉන්නවා.ඒත් කෝට්ටේ ගියාම එයාට හරි කරදර.මට හැමදාම කියනවා.එයාගේ ජීවිත කථාව කියලා ලියුම් හිටන් එවලා තියෙනවා.මැරෙන්න ඉස්සෙල්ලා දවසේ හවස එයා මට කෝල් කළා.‍ අම්මේ මේ මිනිහා මට හරියට ගහනවා. මාව එක්ක යන්න තාත්තාව හෙට එවන්න කිව්වා.මම කිව්වා පෝය පහුවෙලා එවන්නම් කියලා.
එහෙනම් සතියකින් විතර එවන්න කිව්වා. බෑණා නිවාඩුවට ගෙදර ආවාම නැන්දම්මා දුව ගැන වැරදි කියලා දෙන්නා රණ්ඩු කර ගන්න අරිනවා කියලා දුව මට කියලා තියෙනවා.දුවට එල්ලිලා මැරෙන්න තරම් හයියක් නැහැ.මෙයාව මරලා යැයි ඇය පැවසුවාය.

මෙම මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය මහියංගණ දිසා මහේස්ත්‍රාත් ගීතානී විජේසිංහ මෙනවිය විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහියංගණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළාධාරිවරයා වෙත යොමු කරවන මෙන් පොළිසියට නියෝග කළාය.
බදුල්ල ස්ථානීය අපරාධ පරීක්ෂණ නිළධාරීහුද පැමිණ සිටි අතර ගිරාඳුරුකෝට්ටේ පොළීසියේ ස්ථානාධිපති පොළිස් පරීක්ෂක මොහාන්ද සිල්වා මහතාගේ උපදෙස්මත අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උ:පො:ප:සේනාරත්න, පො:සැ:56257 කරුණාරත්න,පො:කො:68747 මංගල, 54699 සේනාරත්ත,81930සුනිල්,28564 රණසිංහ යන නිළධාරීහු පරීක්ෂණ මෙහෙය වූහ.






No comments:

Post a Comment