Friday, January 2, 2015

ගංවතුර සහන අපිට නෑ - බදුල්ල මහියංගන පාර වහල ගම්වාන් විරෝධයක - ඇමතිට ගම්මු හු කියයි.

ගංවතුර සහන අපිට නෑ - බදුල්ල මහියංගන පාර වහල ගම්වාන් විරෝධයක - ඇමතිට ගම්මු හු කියයි.
1/2/2015 1:20 PM

මහවැලි ගග පිටාර ගලා පසුගිය දා මහියංගන නගරට අවට ගම්මාන වලට සිදු වු හානි සදහා රජයේ නිළධාරින් හා දේශපාලන අධිකාරියෙන් කිසිදු පිහිටක් නොලැබු බව පවසමින් අද (02) උදැසන ගංවතුරින් පිඩාවට පත් විශාල පිරිසක් එක්ව මහියංගන බදුල්ල මාර්ගය රිදිකොටලිය පාලම ආසන්නයෙන් හරස් කරමින් විරෝධතාවයක නිරත විය.
මහියංගන නගරයේ රිදිකොටලිය, විල්ලුපිටිය, දොඩන්වත්ත, උයන් වත්ත, දුන්වත්ත යන කොටස් වල ජනතාව මේ අකාරයෙන් විරෝධතාවයට එක් වු අතර තමන් මේ වන විට ගංවතුරෙන් පිඩාවට පත්ව දින 07ක් ගතවි ඇතත් රජයේ වගකිවයුතු නිළධාරින්ගේ පිහිටක් හෝ ආධාරයක් මේ වන තුරු නොලැබුනු බවත් දේශපාලන අධිකාරියේ අවධානයක්ද මේ වන තුරු නොලැබු බව විරෝදතාවයේ යෙදි සිටි පිරිස පවසා සිටි. තමන් හට පිහිටට සිටියේ මහියංගන රජමහා විහාරයේ හිමිවරු හා මහියංගන පොලිසියේ පොලිස් නිළධාරින් හා මහියංගන රෝහලේ වෛද්‍යවරු සේම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් බවත් ඔහුන් නොවන්නනට අද අපි මිය ගොසින් යැයිද පවසා සිටියා. රාත්‍රිකාලයේ පැමිණි ගංවතුරෙන් දිවි බේරා ගත්තේ ඇදි වත සමගින් නිවසින් පිටවිමෙන් බවත් අද වන විට තමන් ගේ සියලු සේසතම ගංවතුරෙන් හානියට පත් වි ඇති බවත් දරුවන්ට පාසැල් යෑමට පොත පත, පාසැල් නිළ ඇදුම් , බිමට පිරිසිදු පානිය ජලය නොමැති බවත් තමන් අන්ත අසරණ තත්වයට පත් වි ඇති බව පැවසිය.
මහියංගන පොලිස් නිළධාරින් මැදිහත්ව හරස් කර තිබු මහා මර්ගය විවෘත කරිමට උත්සාහ දැරුවද විරෝධතා කරුවන් ඊට ඉඩ කඩ ලබා නොදිය. රජයේ වගකිවයුතු නිළධාරින් හා දේශපාලන අධිකාරිය ගෙන්වන තුරු තමන් විරෝධතාවය නොනවත්වන බව සිටියේය. ඒ අනුව මහියංගන ප්‍රාදේශිය ලේකම් සුනිල් අබේකෝන් මහතා හා සහකාර ප්‍රාදේශීය ලේකම් පි. සමරවික්‍රම මහත්මිය හා නිළධාරින් පැමිණි අතර තමන්ට කිසිදු සහනයක් මේ වනතුරු ලබා නොදුන් බව පවසමින් විරෝධතාවයේ යෙදි සිටි පිරිස ඔහුනට විශාල විරෝධතාවයක් පෑවේය. මහියංගන පොලිසිය මැදිහත් වි පිරිස සංසුන් කිරිමට කටයුතු කලේය. නිළධාරින් හානියට පත් නිවාස බැලිමට පැත්ත පළාතේ නොපැමිනි බව විරෝධතා කරුවන් දැඩි සේ චෝදනා නැගිහ.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා හා ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා අවසානයේ එම ස්ථානයට පැමිණියේය. විරෝධතා කරුවන් ඔහුනව මුලින්ම හු තැබිය. තත්වය උණුසුම් වු අතර පොලිසියේ මැදිහත් විමෙන් අමාත්‍යවරුන් ජනතාවගේ ගැටලුවලට සවන් දුන්නේය. අවසානයේ ගංවතුරෙන් පිඩාවට පත් වු පිරිසට මේ දක්වා රජයේ නිළධාරින්ගෙන් යම් හෝ අඩුපාඩුවක් සිදු වි තිබේනම් තමන් ඒ වෙනුවෙන් ජනතාවගෙන් සමාව ගන්නා බව ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා ප්‍රකාශ කර සිටි අතර සමාවද ගත්තේය. මෙතැන් පටන් රජයේ නිළධාරින් යොදවා ගංවතුරෙන් පිඩාවට පත්ව සිටින සැමට සහන සලසන බවත් ඒ සදහා නිළධාරන් නිවසින් නිවසට එවන බවත් ප්‍රකාශ කර සිටි අතර රජයෙන් සහන සැලසිමට නොහැකි උවහොත් තම පෞගලික ධනයෙන් මුදල් යොදව ජනතාවට පිහිට වන බව ප්‍රකාශ කර සිටිමත් සමග විරෝධතා දැක් වුවන් අත්පොලසන් දි තම සතුට ප්‍රකාශ කර විරෝධතාවය නිම කලේය. පිරිස විසිර ගියේය.









No comments:

Post a Comment