Thursday, January 1, 2015

පන්සල රෝහල පිහිටට එයි


ජලගැල්මෙන් පිඩාවට පත්ව යනඑන මග නොමැතිව සිටි පවුල් 20කට පන්සල රෝහලෙන් අත්වැල සපයයි

1/1/2015 7:51 AM

රංදෙනිගල හා රංටැඹේ ජලාශවල ජල මට්ටම පාලනය කිරිම හා එහි ආරක්ෂාව වෙනුවෙන් පසුගිය 26 දින වාන්දොරටු දෙකක් මිටර 12ක් බැගින් (අඩි 40ක් ) උසට විවෘත කිරිම හේතුවෙන් මහවැලි ගග පිටාර ගලා මහියංගනය අවට ගම්වාසින් විශාල සංඛ්‍යාවක් ගංවතුරෙන් පිඩාවට පත් වු අතර මහියංගන නගරය ආසන්නයේ පවුල් 20කගේ නිවාස පුර්ණ හා අර්ධ හානියට පත්ව නිවාස අහිමිව මහියංගන රජමහා විහාරයේ පිහිටවනු ලැබු තාවකාලික අවතැන් කදවු‍රේ නවාතැන් ගෙන සිටියහ.
එසේ නවාතැන් ගෙන සිටි පවුල් වලින් නිවාස පුර්ණ අර්ධ  ලෙස හානියට පත් පවුල් 20ක් සදහා මහියංගන රජමහා විහාරයේ භාරකාර දුරන්දර හා මල්වතු පාර්ශවයේ ජේෂ්ඨ සංඝ සභික පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන් හා මහියංගන මුලික රෝහලේ වෛද්‍යවරු එක්ව වියලි ආහාර සලාක, කිරිපිටි, කොට්ට පැදුරු, එලැබන පාසැල් වාරයේ පාසැල් යෑමට පොත්පත් නොමැති කමින් අසරණව සිටි පාසැල් දරුවන් විශාල පිරිසකට පොත් පත් හා පාසැල් උපකරණ සපයා දිම 2014-12-31 දින මහියංගන රජමා විහාරස්ථානයේදි සිදු කෙරිනි.
මහියංගන මුලික රෝහලේ වෛද්‍යවරු එක්ව එසේ අවතැන්ව සිටි පවුල් සදහා මුදල් ආධාරයක්ද සිදු කරන ලද අතර එක් පවුලක් සදහා රුපියල් 4000 බැගින් බෙදාදීම සිදු කෙරුනේ රෝහලේ වෛද්‍යවරු කිහිප දෙනෙකුගේ සහබාගිත්වයෙනි. කුඩා දරුවන් සදහා පාසැල් පොත පත හා උපකරණ තොගයක්ද  වෛද්‍යවරුන් විසින් ලබා දි තිබුනි.
මහියංගන රජමහා විහාරස්ථානයේ හිමිවරුන්ගේ පිහිට නොවන්නට තමන් හට යන එන මග නොමැතිව  මහ මගට ඇද වැටෙන බවත් දින ගනනාවක් කෑමෙන් බීමෙන් හා අනෙකුත් සියලු අයශ්‍යතාවයන් සොයා බලා පිහිට වු බව පිඩාවට පත් ජනතාව ප්‍රකාශ කර සිටි.
මහියංගන ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාෙද්ශීය ලේකම් තුමිය හා ප්‍රාෙද්ශිය සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයේ නිළධාරි මහතුන් හා මහියංගන මුලික රෝහලේ වෛද්‍යවරු පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගි වි සිටියේය.
මහවැලි ගග පිටාරගලා මහියංගන හා මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවල මහවැලි ගග දෙපස ජිවත්වන පිරිසකගේ නිවාස විශාල ප්‍රමාණයක්  පසු ගිය 26 දින පාන්දර  ජලයෙන් යටවු අතර පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් වීය.
දැනුම් දිමකින් තොරව රාත්‍රි කාලයේ මහවැලි ගගේ ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් විශාල පිරිසක් දැඩි පිඩාවට පත් වු අතර බොහෝ පිරිස් ඇදි වත සමගින් නිවාසවලින් ඉවත් වි ඇත. දරුවන්ගේ පොත පත නිවෙස් උපකරණ විදුලි උපකරණ හා ගෙවල් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවිම හේතුවෙන් බොහෝ පිරිසක් පිඩාවට හා කනස්සල්ලට පත්විය. 1978 වර්ශයේ ජල ගැලිමෙන් පසු මෙතරම් ප්‍රමාණයක ජල ගැල්මක් මෙවර සිදු වු බව ගම්වාසින් පවසති







No comments:

Post a Comment