Wednesday, January 21, 2015

සුරංගනා කථා නොකියා මේ අලි ටික එලවා දෙන්න - වන අලි කරදර උග්‍රවි ගම් 7ක් පාරට බසි

1/21/2015 2:19 PM

මහියංගන අවට ගම්මාන රැසක මේ දිනවල හා පසුගිය දිනවල උග්‍ර වන අලි හානා සිදු විම හේතුවෙන් සාමාන්‍ය ජන ජිවිතය සම්පුර්ණයෙන්ම අඩාල වි ඇතැයි පවසමින් මහියංගනයේ ගම්මාන 7ක ජනතාව එක් වි සාමකාමි විරෝදතාවයක් මහියංගන බදුල්ල මාර්ගයේ 17 කණුව ප්‍රදේශයේදි අද (21) උදැසන පැවැත් විනි.
මහියංගන අවට ගම්මාන රැසක අක්‍රිය වි ඇති විදුලි වැට සක්‍රිය කර දෙන ලෙසත්, ගම් වදින අලි පැන්නිමට අලි වෙඩි ලබා දෙන ලෙසත්, ගම්වැද සිටින අලි විධිමත් ආකාරයෙන් පන්නා දි ගම්මාසින් හට නිදහසේ ජිවත් විමට අවස්ථාව සලසා දෙන ලෙස විරෝධතාවයේ යෙදි සිටිය පිරිසගේ ඉල්ලිම විය.
මෙසේ විරෝධතාවය සදහා එක් වි සිටියේ මහියංගන මාපාකඩවැව, මැදයාය, අලිකදුර, කුඩාවැව, පගරගම්මන, 15 කණුව, ගැමුණුපුර, ගලාපි ඇල යන ප්‍රදේශවල ගම්වාසින් වන අතර
මහියංගන පොලිසියේ ස්ථානාධිපති ඒ වික්‍රමසිංහ මහාතා ප්‍රමුඛ පොලිස් නිළධාරින් විශාල පිරිසක් ආරක්ෂාව සදහා යොදා සිටි අතර මහියංගන පොලිස්ථානාධිපති තුමන් ගේ කැදවිමෙන් මධ්‍යම පළාත් වන ජිවි අධ්‍යාක්ෂක එම් එච් චිත්‍රසේන මහතා මෙම විරෝධතාවය පැවති ස්ථානයට පැමිණි අතර විරෝධතා කරුවන් හා අධ්‍යක්ෂක තුමන් අතර උණුසුම් කාරි වචන හුවමාරුවන් සිදු විය. අවසානයේ පොලිසිය මැදිහත් වි ගැටුමක් සිදුවිමට තිබු අවස්ථාව වලකාලු අතර මධ්‍යම පළාත් වන ජිවි අධ්‍යාක්ෂක එම් එච් චිත්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය වර්ශා සමයේ විදුලි වැටවල් සියල්ල  විනාශ වි අක්‍රිය වි ඇති බවත් ඒවා කඩිනමින් යතාතත්වයට පත් කරන බවත් ගම්වැදි සිටින වන අලි පැන්නිම සදහා අතිරේක නිළධාරින් පිරිසක් යොදවා හෙට (22) සිටම ක්‍රියාත්මක වන බවයි.











No comments:

Post a Comment