Sunday, January 4, 2015

මෛත්‍රි සිරිසේන මහතා සහභාගි වු අධිෂ්ඨාන පුජාවක් මහියංගනයේදි - කඩාකප්පල් කාරින් පන්සලටත් රින්ගති

 මෛත්‍රි සිරිසේන මහතා සහභාගි වු අධිෂ්ඨාන පුජාවක් මහියංගනයේදි - කඩාකප්පල් කාරින් පන්සලටත් රින්ගති

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ  මහියංගන රජමහා විහාරස්ථානයේ දුරුතු පොහොය නිමිති කර ගනිමින් අද (04) ආගමික කටයුතු රාශියක් සංවිධානය කර තිබු අතර ඒ අතරින් විශේෂත්වය වන්නේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ජයග්‍රහනය ප්‍රාර්ථනා කර මින් මියුගුණ සෑ රජුන් අභියස මහා සංඝරත්නයේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මහා අධිෂ්ඨාන පුජාවක් සංවිධානය කර තිබුනි. ඒ මහියංගන රජමහා විහාරයේ භාරකාර දුරන්දර හා අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ සංඝ සභික පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන් ගේ ප්‍රදානත්වයෙනි.
ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා මුලින්ම ධම්මරක්කිත හිමියන් බැහැදැක ආශිර්වද ලබා ගනිමින් රජ මහා විහාරයේ ආගමික වතාවත් වන නියැලෙමින් පසු අධිෂ්ඨාන පුජාව සදහා සහබාගි වු අතර ඒ සදහා මහා සංඝරත්නයේ විශාල පිරිසකගේ හා විශාල බැතිමතුන් හා ප්‍ර දේශවාසි පිරිසක් සහභාගි  වි සිටියේය.
ඉන් අනතුරුව මහියංගන ශ්‍රි සුමණ සමන් දේවාලයේ විශේෂ දේව පුජාවක් සදහා සහභාගි වි දේව ආශිර්වාදයද ලබා ගත්තේය. ශ්‍රි සුමණ සමන් දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් හිංකෙන්ද මහතා විසින් පලතුරු වට්ටිය සිරිසේන මහතා වෙත පිළිගැන්විම සිදු කරන ලදි.
අධිෂ්ඨාන පුජාව සම්බන්දයෙන් ජනතාව දැනුවත් කිරිම සදහා මහියංගන රජ මහා විහාරස්ථානය අවට හා අභ්‍යන්තරයේ ගසා තිබු දැන්විම් ඊයේ රාත්‍රි හා අද (04) උදැසන ජනතාව ඉදිරියේම කිසියම් කඩාකප්පල් කාරි පිරිසක් විසින් කපා ගෙන ගොස් ඇති අතර සිරිසේන මහතා ධම්මරක්කිත නාහිමියන් හට හා තම අනුගාමිකයන් හට පවසා සිටියේ අද වැනි පොහෝ දිනය එම කඩාකප්පල් කාරින් හට මෛත්‍රි කරන ලෙසත්  නුදුරේදි ඔවුන් සත්‍ය වටහා ගන්නා  බවත්ය.















No comments:

Post a Comment