Friday, January 9, 2015

ඡන්දය දමන්න ආදිවාසිනුත් උනන්දුවෙන් ඡන්ද පොළට

 ඡන්දය දමන්න ආදිවාසිනුත් උනන්දුවෙන් ඡන්ද පොළට - ඡන්දයටම උනන්දුවෙනවා වාගේම ඡන්දය අවසානයේ සාමය සතුට සමගිය සදහා ඒ වාගේම උනන්දුව තියෙන්ඩ ඕන යැයි නයක තුමා කියයි

2015 ජනාධිපති වරණය වෙනුවෙන් මහියංගන ඡන්ද බල ප්‍ර දේශය තුල ඡන්ද මධ්‍යස්ථාන 76ක ඡන්ද විමසිද මේ වන විට ඉතා සාම කාමි අන්දමින් සිදු වන අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ආදිවාස්න් ද ඉතා උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ඡන්ද මධ්‍යස්ථාන කර ඇදි එන බව දැක ගත හැකි විය.
ආදිවාසි නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ඡන්දය ප්‍රකාශ කරණු ලැබුවේ අද (08) උදැසන 9.00 පමණ දඹාන කණිෂ්ඨ විද්‍යාලයේදි තම බිරිද හා පරපුරේ පිරිස සමග එක් රොක්ව ගොසිනි.
මධ්‍ය සදහා ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ තම පරපුරේ බොහෝ පිරිස නැගෙන හිර ප්‍ර දේශවල ජිවත් වන බවත් ඔහුන් මෙවර ඉතා සාමකාමි අන්දමින් ඡන්දය ප්‍රකාශ කිරිමට දැන් අවස්ථාව උදා වි ඇති බවත් මේ ඡන්ද විමසිමේදි අපේ ගමේ විශාල පිරිසක් උනන්දුටවන් ජන්ද ප්‍රකාශකිරිම සදහා ඡන්ද පල වෙත උනන්දුවෙන් එන බව මට පේනවා. මට හිතෙන විදියට මේරට ආරක්ෂා කරන, මේ ජාතිය ආරක්ෂා කරන නායකයෙක් තමයි කව්රු උනත් පත් වෙන්ඩ ඕන. ඒ තෝරා පත් කිරිම කරන්න මිනිස්සු මහත් උනන්දුවෙන් කටයුතු කරන බව පේනවා. වැදි පරපුරේ නායකයා විදියට මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. අපේ පරම් පරාව මේ රටේ දිස්ත්‍රිකක් 06ක විතර ජිවත් වෙනවා. යුද්ධයෙව් පසු ඡන්ද අයිතිය අපේ අයටත් ලැබිලා තියෙනවා. විශේෂයෙන් නැගෙන හිර පළාත වැනි. ඒ හැම කෙනෙක්ම මේ පාර ඡන්දය දෙනවා.
හෙට වෙනකොට ඡන්දයෙන් කව්රුන් හෝ ජනාධිපතිවරයෙක් මිනිසුන්ගේ ඡන්දයෙන් පත් වෙනවා. ඒ පත් වෙන නායකයා මේ රමේ හැමොගෙන්ම ඡන්දය ලබාගෙන තමයි පත්වෙන්නේ. මම කියන්නේ මේ ඡන්දයටම උනන්දුවෙනවා වාගේම ඡන්දය අවසානයේ සාමය සතුට සමගිය සදහා මේ වාගේම උනන්දුව තියෙන්ඩ ඕන. ඒ ක ආරක්ෂා කරගන්නත් කැප වෙන්න ඕන. මිනිස් ජිවිත විනාශ කරගෙන ඡන්ද සිදු කෙරුවහොත් ඒ විනාශවෙන්නේ මේ රටේ සම්පත් තමයි විනාශ වෙන්නේ. දේපල හෝ මිනිස් ජිවිත වේවා ඒ සැම දෙයක්ම අපේ රටේ සම්පත්. ඒක රටක් හැටියට අපට පාඩුයි. අනිත් එක තමයි අපේ රට ගැර විදේශ රටවල් විශාල ප්‍රමානයක් අවධානයෙන් ඉන්නේ. ඡන්දය කොහොමද කරන්නේ හා උනන්දුව කොහොමද කියලා විශේෂයෙන් බලාගෙන ඉන්නේ. මේ රටට නොගැලපෙන දෙයක් සිදු උනොත් ඒක රටට ලොකු අපකිර්තියක් වෙන්නේ. ඒ නිසා හැම දෙනාම ඊර්ෂ්‍ය, වෛර අමතක කර දමලා රටේ සාමය සතුට සමගිය ආරක්ෂ කරන්න කැප වෙනවානම් හොදයි කියලා මම කියනවා. යැයි ආදිවාසි නායකතුමන් ප්‍රකාශ කර සිටියේය.







No comments:

Post a Comment