Friday, December 4, 2015

අනියම් පෙම දෙහිඅත්තකණ්ඩියේ කාන්තාවකට මරු කැඳවයි

2015-12-04 07:51:31
අනියම් සබඳතාවක් හේතුවෙන් සිදු වූ තවත් ඛේදවාචකයක් දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. එහිදී පුද්ගලයෙකු කළ පහරදීමකින් එක්දරු මවක් ඝාතනයට ලක්ව තිබෙනවා.
ඇයගේ වයස අවුරුදු 35ක්. කාන්තාව ඝාතනය කර ඇත්තේ උදල්ලකින් පහරදී බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඇයගේ අවුරුදු 9ක් පමණ දියණියටද සැකකාර පුද්ගලයා විසින් පහරදී තිබෙනවා.
එහිදී තුවාල ලැබූ දැරිය මේ වන විට දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ. සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කි‍්‍රයාත්මකයි. ඊයේ රාති‍්‍ර 10ට පමණ මෙම ඝාතනය සිදුව තිබුණා.

No comments:

Post a Comment