Thursday, December 10, 2015

කප්පාදුව අහෝසි කර පොහොර සහනාධාරය වහා ලබාදෙනු සමන්ත විද්‍යාරත්න හා ගොවියන් සත්‍යග්‍රහයක

12/10/2015 4:05 PM

කප්පාදුව අහෝසි කර පොහොර සහනාධාරය වහා ලබාදෙනු- ගොවිජන විරෝධතාවයක්  අද (10) උදැසන මහියංගන නගරයේදි පැවැත්වු අතර, අද (10) සිට 19 වන දින දක්වා මහියංගන නගරයේ අඛන්ඩ සත්‍යාග්‍රහයක්ද ඊට සමගාමිව ආරම්භ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුනේ සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආම්භ කෙරිනි.

“ ඉදිරිිපත් කර ඇති අයවැය න් ගොවිජනතාවගේ සහන කප්පාදුව ආපස්සට හරවන්නේ නැත්නම් මේවා සත්‍යාග්‍රහවලින් නතර වන්නේ නෑ. මාරාන්තික උපවාස දක්වා මෙම ගොවිජනතාවගේ සටනක් දක්වා අපි මේවා මෙහෙයවනවා.  අපි අරගල කරලා ගත්තු දේවල් තබ සතේකින් වැඩි කරලා නෑ.   අපි අද මහියංගන නගරයේ මේ අරගලය ආරම්භ කරන්නේ රැකියාව ස්ථිර කරන්ඩ නෙවෙයි.  වාහන බලපත්‍ර දෙන්න කියලා නෙවෙයි. උදැල්ල කැත්ත වප්පිහිය අල්ලන ගොවිජනතාවට කණ කොකා හඩවනවා නම්  සහන කප්පාදු කරනවානම්, දනටත් අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සුන්ට මොනවාද වෙන්නේ. ඒ නිසා අපිට සිද්ද වෙලා තියෙනවා අකමැත්තෙන් උවද මේ සටනට බහින්ඩ“ යැයි විරෝධතාවයට හා සත්‍යග්‍රහය සදහා සහබාගි වු සමන්ත විද්‍යාරත්න මහතා ජනතාව අමතා ප්‍රකාශ කර සිටියේය.


No comments:

Post a Comment