Sunday, December 27, 2015

ෆොටෝ ගන්න මෙහෙ එන්න එපා - ආදිවාසී නායක ඇත්තෝ කියති

 2015-12-27 11:52:55
මේ දිනවල ලැබී ඇති දීර්ඝ නිවාඩුවත් සමග ආදිවාසීන් නැරඹීම සදහා මහියංගනය, දඹානට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙමින් සිටිනවා.
ඉකුත් දින 3 තුළ පමණක් ලක්ෂ දෙකක පමණ වු දේශීය සංචාරකයන් පිරිසක් පැමිණි බව දඹාන ආදිවාසී මාධය කේන්ද්‍රය පවසනවා.
එහෙත් මෙසේ පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් තමා ප්‍රමුඛ ආදිවාසීන් සමග ජායාරූප ගැනීමට පමණක් මෙම සංචාරය යොදාගැනීම ගැන තමා බලවත් සේ කණගාටුවට පත් කරවන්නක් බවයි ආදිවාසී නායක ඌරුවරි...ගේ වන්නියලැඇතතෝ පවසන්නේ.
ඒ අනුව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැඇතතෝ පෙන්වා දෙන්නේ "දඹානට එන ගමන අර්ථවත් කරගන්න නම් ඡායාරූප ගැනීමට පමණක් එය සීමා නොකළ යුතුයි. ආදිවාසින්ගෙන් ඉතිහාසය, සංස්කෘතිය හා සරල ජීවිතයේ හර පද්ධතිය ඇතුලු බොහෝ දේ පිළිබදව දැනුවත් විය හැකියි.
ඒ සදහා ආදිවාසී ජන උරුම කේන්ද්‍රය මනා අවස්ථාවක් කරගත හැකියි. නමුත් සමහරු එය බලන්නේ දුවන ගමන්. එහෙම නෙමෙයි සන්සුන්ව විපරමින් යුතුව එය නැරඹිය හැකියි. දඹානට එන ගමන සමහරු හිතන්නෙ එය හුදෙක් විනෝද චාරිකාවක් කියලයි. එහෙම හිතන්න එපා. ඒ වගේම දඹාන විනෝදයට යොදාගන්නත් එපා. එහෙම හිතලා පරිසරය විනාශ කරන්න එපා. දේශීය සංචාරකයන් දමා යන හිස් මත්පැන් බෝතල, ප්ලාස්ටික් බෝතල, කෑම ඔතන කොල අපේ පරිසරයට විශාල ප්‍රශ්නයක්." යනුවෙන්ද පැවසුවා.



No comments:

Post a Comment