Thursday, December 31, 2015

මහියංගන රෝහලේ හෙදියන්ගේ උග්‍ර හිගයක් - දැනටමත් ශල්‍යාගාරයක් වහලා - දැඩිසත්කාර ඒකකයේ ඇදන් 3ක්ම ඉවත් කරලා - රෝහල් තෙමහල් ගොඩනැගිල්ලේ වැඩ නතර වී මාස ගනනාවක් - සෞඛ්‍ය ගැටලු රැසක් මතුවිමේ අවදානමක.


2015-12-31   පෙ.ව. 1:32

මහියංගන මුලික රෝහලේ හෙදියන්ගේ උග්‍ර   හිගයක් හේතුවෙන් එක් ශල්‍යාගරය මාස 6කට අධික කාලයක් තිස්සේ වසා දමන්නට රෝහල් පාලන අධිකාරිය කටයුතු කිරිම හා දැඩි සත්කාර ඒකකයේ තිබු ඇදන් 7න් 3ක්ම හෙදියන් නොමැති කමින් ඉවත් කිරිම හේතුවෙන් මහියංගන මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබන දිස්ත්‍රික් 5ක රෝගින් දැඩි අපහසුතාවයකට පත්ව සිටි. හෙදියන්ගේ හිගය හේතුවෙන් රෝහලේ දෛනික ප්‍රතිකාර කටයුතු රෝගීන් වෙනුවෙන් නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකිව ඇත.
මහියංගන මුලික රෝහල ඒ ශ්‍රේණියේ මුලික රෝහලක් වන අතර ඉදිරියේදී දිස්ත්‍රික් රෝහලක් කිරිමේ අවශ්‍යතාවය ඇති රෝහලක් වන අතර දැනට රෝහලේ උග්‍ර හෙදියන්ගේ හිගයක් හේතුවෙන් එහි ශල්‍යාගරයක් වසා දමන්නට සිදුව තිබෙනවා. මේ හේතුව නිසා ශල්‍යාකර්ම සදහා රෝහලට ඇතුලත් වන රෝගින්ගේ පොරොත්තු නාම ලේඛනය දික් ගැස්සී ප්‍රදේශයේ රෝගීන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇත.
දැඩි සත්කාර ඒකක සේවාවය හා ශල්‍යාගාර සහ අත්‍යවශ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය මට්ටම දක්වා දියුණු කිරිම සදහා මහියංගන මුලික රෝහල වෙත  නව හෙදිවන් 40කට වැඩි ප්‍රමාණයක් ලැබිය යුතු බවයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින්  පැවසෙන්නේ. පුහුණුව නිමකර නව පත්වීම් ලබන හෙදියන් විශාල ප්‍රමාණයක් ප්‍ර දේශයේ වෙනත් රෝහල් වෙත යොමු කන්නට බලධාරින් පියවර ගත්තද මහියංගන මුලික රෝහල වෙත අවධානය යොමු නොකිරිම මෙම ගැටලුවට මුල් වි ඇත.
රෝහලේ ඉදිකිරිම ආරම්භකල තෙමහල් ගොඩ නැගිග්ලේද කටයුතුද කොන්ත්‍රාත් කරු විසන්  අතර මග නවතා දමා මාස කිහිපයක් ගතවී ඇති අතර ගොඩනැගිල්ල සෑදිම සදහා රෝහල් භූමයේ හැරූ විශාල වලට වතුර පිරිම හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය ගැටලු රාශියක් ඇති විය හැකි බවයි වෛද්‍යවරුන්ගේ මතය වි ඇත.  ඒ හේතුවෙන් කඩිනමින් මෙම ගොඩනැගිල්ලේද වැඩ අවසන් කර දෙන ලෙස ප්‍රදේශවාසින් ඉල්ලා සිටි.



No comments:

Post a Comment