Thursday, December 3, 2015

ඇගලුම් කම්හල් සේවිකාව දුෂණය කර මැරූ සැකකරුවෙකු පොලිසිය හා ගම්වාසින්‍ ඝණ කැළයක් පීරා අල්ලා ගනී - සැකකරු වස පානය කර බිරියටත් පොවලා


12/3/2015 3:05 PM
මහියංගන ෂේඩ්ලයින් ඇගලුම් ආයතනයේ සේවය නිමවී නිවෙස් බලා පැමිනෙමින් සිටි වයස 18ක වන තරුණියක් දුෂණය කර මරාදැමිමට සම්බන්ද සැකකරුවෙකු අද (03) දහවල් මහියංගන පොලිසිය හා ගම්වාසින් 100ක් පමණ එක්වී සිදු කල මෙහෙයුමකදී අත් අඩංගුවට ගැනිමට හැකි වින. අද (03) උදැසන සැකකරුගේ බිරිදද ඊයේ රාත්‍රිෙය්දි ඝාතනය කර ඇතිබවට ගම්මානය පුරා රාවයක් ගිය අතර පොලිසිය හා ගම්වාසින් ඔහුන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කෙරින
ඇගලුම් සේවිකාව දුෂණය කර මරා දැමු ස්ථානයේ තිබු පාවහන් යුවල පොලිස් නිළ සුණඛයාහට ඉව කරන්නට දිමෙන් පසු ඊයේ (02) දින සුනකයා ගම්මානයේ තරුණයෙකුගේ නිවසක් වෙත ගොස් ඇති අතර ඒ අනුව පොලිසියේ අවදානය ඔහු වෙත යොමු වින.
එම සැකකාර තරුණයා වයස 18ක තරුණයෙක් වන අතර මිට පෙර විවාහ වී දරුවෙක්ද සිටි. පෙර විවාහයේ බිරිද අත් හැර වයස අවුරුදු 15ක බාල වයස්කාර වෙනත් තරුණියක් ඔහු විසින් මේ වන විට නිවසට රැගෙන විත් තිබින. බාලවයස්කාරියක් විවාහයට ගැනිම සම්බන්දයෙන් ඔහු හට මහියංගන උසාවයේ නඩුවක්ද විභාග වෙමින් පවති.
සැක කරු හා ඔහුගේ ලාබාල වත්මන් බිරිද සමග අලුකැටියාව ගම්මානයේ ඝණ කැළයක් තුල සැගව සිටියදි පොලිසියේ අත් අඩංගුවට පත් වින. සැකකරු ඔහුගේ වත්මන් බිරිදද බලහත් කාරයෙන් ගම්මානයේ ඝණ කැලයක් සහිත කදුවැටිය දෙසට ඇදගෙන යනබව ගම්වාසින් දැක ඇති අතර ඒ අනුව ගම්වාසින් හා පොලිසිය එක්ව ඔහුන් සොයා විශේෂ මෙහෙයුමක් සිදු කෙරින.
සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වන විට ඔහුගේ වත්මන් බිරිදට වස පොවා ඔහුද වස පානය කර තිබිනි. ඒ අනුව දෙදෙනාම ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබිය.
මහියංගන ෂේඩ්ලයින් ඇගලුම් ආයතනයේ සේවය නිමවී නිවෙස් බලා පැමිනෙමින් සිටි වයස 18ක වන තරුණියක් රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍ර දේශයේදී ලදු කැලයකට රැගෙන ගොස් දුෂණය කර 01දින සවස මරා දමා ඇත.
මෙසේ දුෂණය කර මරා දමා ඇත්තේ වේවත්ත, කන්නල්කුඹුර, අංක 08 නිවසේ පදිංචිව සිටි වයස 18ක් වන බස්නායක මුදියන්සේලාගේ රම්‍යා විදර් ෂනී අබේවර් ධන නම් තරුණියකි.
රිදිමාලියද්ද ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ කුරාලේ වෙල වසමේ අලුකැටියාව තේක්ක ගොවි වන වගාව තුල මෙම තරුණිය මරා දමා සිටියදී 02 දින උදැසන ගම්වාසින් විසින් සොයාගෙන ඇත.
මිට මාස 3කට පෙර සිට ඇගලුම් කම්හලක සේවය කිරිම සදහා රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍ර දේශයේ තම මවගේ සහෝදරයාගේ නිවසට පැමිණ ඇති අතර එහි සිට ඇගලුම් කම්හලේ සේවය සදහා ගොස් ඇත. 01දින ඇගලුම් කම්හලේ සේවය නිමවි සවස නිවසට නොපැමිනිම හේතුවෙන් මාමා ඇතුලු නිවෙස් හිමියන් හා ගම්වාසින් ප්‍ර දේශය පුරා රම්‍යා සොයා ඇති අතර මාමාගේ නිවසට ආසන්න කැලෑ කුට්ටිටක් අද්දර ඇයගේ ජංගම දුරකතනය හා කුඩය වැටි තිබෙනු දැක ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය දැනුවත් කර ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ එම් ජයතිලක මහතා හා මහියංගන පොලිසියේ නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ. මෙම අපරාධය සම්බන්දයෙන් මේවන තුරු සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමට පොලිසියට නොහැකි වී ඇත. මහේස්ත්‍රාත් පරික්ෂණ මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් දීපශිකා තේනුවර මහත්මිය විසින් සිදු කරනු ලැබු අතර මරණ පරික්ෂණ සිදු කිරිම බදුල්ල මහරෝහලේදී සිදු කෙරින.








No comments:

Post a Comment