Tuesday, December 8, 2015

එයා මාවත් රැවැට්ටුවා.. මේ වගේ අපරාධකාරයන්ට නම් ආයිත් එලියටනම් එන්ඩ දෙන්න එපා.... ඇගලුම් සේවිකා ඝාතනයේ සැක කරුගේ ළාභාල බිරිද පොලිසියකියයි.

 https://www.facebook.com/NewsatMahiyangana
12/08/2015 0:04:12 AM
මහියංගන, ගැමුණුපුර ඇගලුම් ආයතනයක සේවය නිමවී තම ඥාති නිවෙස බලා යමින් සිටි වයස 18ක පසු වු රම්‍යා විදර් ශනී අබේවර් ධන නමැති තරුණියක් පසුගිය දා රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍ර දේශයේදී දුෂණය කර ඝාතනය කළ සැකකරු ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් දීපශිකා තේනුවර මහත්මිය නියෝග කර ඇති අතර සැකකරු බන්ධනාගර නිළධාරින්ගේ රැකවරණය යටතේ මහියංගන මුලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.
සැකකරුගෙන් මේ වන විට කරඋත්තර ලබාගැනිමට පොලිසියට හැකි වී ඇති අතර සැක කරුගේ කට උත්තරය මෙසේ ය “ ජයාමාමලාගේ ගෙදර නතර වෙන්ඩ ඇවිත් හිටිය කෙල්ලට මට ආසහිතුනා. දවස් දෙක තුනක් මම දැක්කා. වැඩ ඇරිලා ගෙදර යන හැටි දවස් දෙකතුනක් මම බලාගෙන හිටියා. මම එදා හවස තිලකෙ මාමාගේ කඩේට ඇවිත් බීඩි දෙක තුනක් අරගෙන ඒ කෙල්ල වැඩ ඇරිලා එනකම් බලාගෙන හිටියා. මම මීටර් ගානක් ඈතින් දැක්කා ටෝච් එලියක් එනවා. කාත් එක්ක හරි ෆෝන් එකෙන් කථා කර කර ආවේ. මාව පහු කරගෙන පාරෙ ඉස්සරහාට ගියා. මම හිමිහිට පිටිපස්යෙන් ගිහින් කෙල්ලගේ කට වහලා කැලේට ඇදගෙන ගියා යැයි පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ සිද්දිය සම්බන්දයෙන් තොරතුරු වමාරා ඇත.
තවද “ කෑගහන හින්දා කැලේට අරගෙන යන ගමන් හොදට කට වහගෙනයි අරගෙන ගියේ. සිහිය නැති වෙන්ඩ ඇති. මම දන්නේ නෑ. අන්තිමට මම බැලුවා..බැලුවා සිහිය ආවේ නෑ.. මම එහෙමම ගෙදර ගියා. තෙමිගෙන තමයි ගෙදර ගියේ. ගිහින් කන්ඩ මොනවද තියෙන්නේ කියලා බැලුවා. මුකුත් නෑ කිව්වා.
“ මාව පොලිසියෙන් හොයනවා. අපි ගෙදරින් යමු“ කියාල මම ශෂිකලා කන්ද පැත්තට එක්කගෙන ගිය. කන්ද ලග පාලු ගෙයක් තිබ්බා. රෑ අපි පාලු ගෙදර හිටියෙ. ඓහෙම ඉන්නකොට ශෂිකලා මගෙන් ඇහුවා මොකද ඇග හැමතැනම තුවාල කියලා? බයවෙලා වගේ ඇහුවේ. මම කිව්වා මගේ අතින් මිනිහෙක් මැරුනා කියලා. ඒ මිනිහා මගේ අත හැපුවා. දකුණු අතේ මැදගිල්ලේ තිබුනු තුවාලය පෙන්නමින් මම කිව්වෙ. පහුවදා පාන්දරම මම ගෙදර ඇවිත් මගේ හැදුන්ම්පතයි. කුරේට කැට ටිකකුයි වතුරබෝතලයකුයි අරගෙන ආපසු කැළේට ගියා. ගෙදර කව්රුත් හිටියේ නෑ. එදා රෑවෙලා කැලේ ගුහාවක හිටියා. ඉදලා ගමේ හේනකට ඇවිත් පැළේ තිබුන මුට්ටි, භූමිතෙල්, මන්ඤක්කා ටිකක් ගලවගෙන ආපහු කැළේට ගිහින් ගල්ගුහාවකට වෙලා මන්ඤක්කා තම්බලා කෑවා.
උදේ බලනකොට ගමේ කලබල. ගමේ කට්ටිය පොලිසිය කන්ද වට කරලා. අපි කන්දෙ දිව්වා. බේරෙන්ඩ බෑ කියලා තේරුන හින්දා “අපි දෙන්නමා වස බීලා මැරෙමු“ කියලා අපි වස බිව්වා. ඊට පස්සේ තමයි දෙන්නම පොලිසියට අහු උනේ යැයි සැකකරුවිසින් පාපොච්චාරණය කර ඇත.
සැක කරුගේ බාලවයස්කාර බිරිදද සැකකරු විසින් වස පෙවීම හේතුවෙන් ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහලේ 03 වාට්ටුව සදහා ඇතුලත් කරනු ලැබු අතර ප්‍රතිකාර ලබා ගැනිමෙන් පසු මේ වන විට වාට්ටුවෙන් පිටව ගොස් ඇත. පොලිසිය වෙත කට උත්තරයක් ලබා දෙමින් ඇය පවසා ඇත්තේ “ මේ වගේ අපරාධකාරයොන්ට නම් ආයිත් එලියටනම් එන්ඩ දෙන්න එපා. පුළුුවන් උපරිම දඩුවම් දෙන්ඩ ඕන. මම දන්නේ නෑ ගෑණු ළමයෙක් මැරුවා කියලා. මට කිව්මේ ඇගිල්ල හැපුව හින්දා පිරිමි කෙනෙක් මැරුවා කියලා. මිනිහෙක් මැරුවානම් මට ඔයත් එක්ක ඉන්න බෑ කියලා මම ආපහු මගට ආවා. බය නිසා මම ආපහු සුරංගත් එක්ක ගියේ. කරන්ඩ දෙයක් නැති නිසයි සුරංගත් එක්ක කැලේට ගියේ. මට පස්සෙ තමයි ආරංචි උනේ කෙල්ලෙක් මරලා තියෙන්නේ කියලා. එයා මාවත් රැවැට්ටුවා..මාවත් රවට්ටලානේ අරගෙන ගියේ. එයා එක වරදක් නෙවෙයිනෙ කරලා තියෙන්නේ යැයි පවස මින් කටඋත්තර ලබාගත් පොලිස් නිළධාරියාගෙන් “මරලා තියෙන කෙල්ලගේ ෆෝටෝ එකක් මට පෙන්නන්නකෝ “ ලෙස ඉල්ලිමක් කරන්නට තරම් ඇය සංවිදි වි තිබේ.
මෙම ඝාතන සම්බන්දයෙන් ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා, බදුල්ල දිස්ත්‍රික් ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතා, මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් එන් ලියනගේ මහතා, මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා, මහියංගන පොලිස්ථානයේ වැඩබලන ස්ථානාධිපති වීරසිංහ මහතා, අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ එම් ජයතිලක මහතා හා උප පොලිස් පරික්ෂක සුදේෂ් චතුරන්ග යන අයගේ නියෝග උපදෙස් මත මහියංගන පොලිසියේ නිළධාරින් විසින් පරික්ෂණ කටයුතු තවදුරටත් සිදුකරන අතර අධිකරණ කටයුතුද සිදු කෙරේ.

No comments:

Post a Comment