Sunday, December 6, 2015

නීති හදනවා අපෙන් අහන්නේ නෑ - වැදි නායක

5 දෙසැම්බර් 2015  18:01

“ලොකු තැනේම තිබෙන ගැටළු පොජ්ජ තමයි ආණ්ඩු පොජ්ජවල් තීරණ මන්දො කර ගන්නවා. ආදී වාසී මිනිස් ගජ්ජුන්ට ඒ ඇත්තන්ගෙ පරම්පරා පොජ්ජ ආරක්‍ෂා පොජ්ජ මන්ද කරන්ඩ ඕනැ කියල කථා දමනවා, ” දඹානේ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තන් මේ පවසන්නේ ආදීවාසීන්ගේ ගැටළු ගැන කතා 'කතාවට පමණක් සීමාවී තිබීම' ගැන කනස්සල්ල පළ කරමින්.

වැදි ජනතාව නැතිනම් ලංකාවේ ආදිවාසී ජනතාව කෙරෙහි නව රජය සංවේදී වී තිබේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමිනුයි මාධ්‍යෙව්දී ලසන්ත ද සිල්වා සමඟ වැඩි නායකයා එසේ කියා සිටියේ.
ඔහු පැවසුවේ නව රජයද තම ජන කොටස පිළිබඳව අවධානයක් යොමුකර නොමැති බවයි.
එසේම ඇතිව තිබෙනවායැයි කියන වෙනස තමන්ට නම් නොවැටහෙන බවද පවසන වැදි නායකයා මෙරට සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු ප්‍රශ්න කරයි.
“බලය තියෙනවා නම් වෙනසක් කරන්නත් පුළුවන්නේ නේ,” දඹානේ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තන් නව රජය ගැන විශ්වාසය පල කරමින් තවදුරටත් ප්‍රකාශ කළේය.
-BBC News-

No comments:

Post a Comment