Friday, December 4, 2015

දුෂණය කර මරාදැමු ඇගලුම් කම්හල් සේවිකාවගේ නිසල සිරුර මුලු ප්‍රදේශයම හඩවා නිවසට ගෙනේ - නිවසට විශාල පිරිසක්




විපතක් ලග එන බව දැනුනා
ගොම්මන් කළුවර නැගුණා
යෙහෙළිය නිසොල්මන්වුවා
නැගණියක් බසයෙන් බැස්සා
නිවසට පියමන් කෙරුවා
මත් බමරෙකු සැරිසැරුවා
අවිහිංසක මල් කුකුළ
තලාදැමුවා
නැවුම් දිනකට
ළහිරු නැග ආවා
නමත් අදුරුය, පාළුය
දයාබර සොයුරියේ.....
ශේඩ් මව්තුරුලෙන් නුඹ
සදහටම සමුගත්තා
හදේ ගිනිදැල් දැල්වුණා
ශේඩ් මව්තුමිය
ඉකිබිදිමින් හැඩුවා.....
- ශේඩ් යහළු යෙහෙලියන් යනුවෙන් වැකියක් ලියා, දුෂණය කර මරා දැමු ඇගලුම් සේවිකාවගේ මෘත දේහය නිවසට රැගෙන එන විට ඇයගේ යහලු යෙහෙලියන් නිවසේ දොරටුව දෙපස සටහනත් තබා තිබේ. ඔහුන් මිය ගිය තම යෙහෙලිය සමුගැනිමේ ශෝකය වෙනුවෙන් තවත් සටහනක් මෙසේ තබා ඇත.

සොදුරු සමනල විය
ඉක්මවන්නට පෙර
රුදුරු වු ගොරසපුවෙකුගේ
විසකුරු වු හස්තයට
හසුව අකාලයේ මිලිනවු පුංචි
රෝස කැකුළියේ....
අප අතර සැරිසැරූ
අප අතර දොඩමළු වු
පෙර දින
පසු දිනට එළි වෙද්දී මිලින කර දැමු
පුංචි සද සාවියේ නුඹ
නැවත අප අතරටම
නැවත අප අතරටම
එන්න යළි පියඹලා
බලා ඉදිමු අපි
සසර මතු දිනක
අප සමග නිවන් දොරට
පිවිසෙන මගකදී
හුමුවේවා යලි නුඹව......
අප අතර සිට අප අතරින් වෙන් වු
සහෝදරිය රම්‍යාට අපගේ බළවත් ශෝකය... ලෙස සටහනක් තබන්නට ඇයගේ ඇගලුම් ආයතනයේ සහෝදර සහෝදරියන් සටහන්ක් තබා ඔහුන් ගේ බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ
රම්‍යාෙග් යහලු යෙහෙලියන්ට පමනක් නොව පසුගිය දින කිහිපයකට ඉහතදී “ ඇගලුම් සේවිකාව දූෂණය කර මරා දමලා“ යන ප්‍රවෘත්තිය විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග රටම කම්පනයට පත් කල පුවතක් විය.
ඇයගේ පව්ලේ සාමාජිකයන් ගනන තුනකි. ඔහුන් වන්නේ බී එම් ප්‍රසන්න පුෂ්ප කුමාර(17) , බී එම් සුජිවා මල්කාන්ති (25) විවාකයි. බී එම් තිලක් පද්මසිරි යන සහෝදර සහෝදරියන් වේ. රම්‍යාගේ මව ඒ එම් විමලාවති (39) පියා බී එම් අබේවර් ධන (47) යි.
රම්‍යාගේ මව ඒ එම් විමලාවති “ මගේ දුව හරි අහිංසකයි...එයා ඉස්කෝලෙ ඕලෙවල් එකපාරයි කරේ. පාස් උනේ නෑ. ආපහු ලියන්න බෑ කිව්වා.... ඊට පස්සේ කොළඹ ගමන්යන්ඩ අපෙන් ඇහුවා... අපි ඒකට කොහෙත්ම කැමති උනේ නෑ. ඊට පස්සේ තමයි ඔය මහියංගන ගැමුණුපුර ගාමන් එකට ගියේ. ඒකෙ වයස 18 අඩු අය ගන්නේ නෑ. ඒ හින්දා 18 සම්පුර් ණ උනාම තමයි ඔය වැඩට යන්ඩ පටන් ගත්තේ.... අපේ ගෙදර ඉදලා ගොඩාක් දුර වැඩි හන්දයි මගේ මල්ලිලාගේ ගෙදර ඉදලා වැඩට ගියේ...යැයි ප්‍රකාශ කර සිටියේය.
රම්‍යාගේ පියා බී එම් අබේවර් ධන “ ගෙවල්වල අග හිගකම් හින්දා තමයි අපේ දුව ඔය ගාමන් එකට යන්න අපෙන් ඇහුවේ...අපි 365ස් දවසම පොලවත් එක්ක පොර බදනවා. අතේ තියෙන මුදල් තිස් හතලිස්දාහ වියදම් කරලා බෝග හිටවනවා....සත්තු කණව, අලි කනවා, එක්කො විශාල මුදලක් දිලා ගෙනා බීජ ඇට පැල වෙන්නේ නෑ.. ඉති අන්තිමට අපිට දහදාහක් වගේ සොච්චාම් ගානක් තමයි අන්තිමට හම්බ වෙන්නේ. කොච්චර මහපොළව එක්ක පොර බැදුවත් හැමදාම ඔය නැස්පැත්තිය තමයි අපිට වෙන්නේ. ගාමන් එකෙත් විශාල මුදලක් හම්බ උනේ නෑ. ඒ එයාගේ වියදම් ටික හරි කරගනියි කියලා තමයි අපි ගාමන් යනවාට කැමති උනේ. යැයි පැවසීය.
රම්‍යාෙග් නිසල දේහය මහියංගන, වේවත්ත, කන්නල්කුඹුර, අංක 08 යන ඇගේ නිවසට 03 දින රාත්‍රිදී රැගෙන ආ අතර ඒ මොහොත සදහා ඇගලුම් ආයතනයේ විශාල පිරිසක් හා ගම්වාසින් විශාල පිරිසක් එක් රොක් වී සිටියේය.
ඇගේ අවසන් කටයුතු හෙට (05) කන්නල්කුඹුර පොදු සුසාන භුමයේදි සිදු කිරිමට නියමිතව තිබේ.













No comments:

Post a Comment