Friday, December 18, 2015

රිදිමාලියද්දේ මොරාන ජලාශ ව්‍යාපෘතියෙන් ගම්මුන්ට පිඩා - නිසි ආකාරයෙන් වන්දි නොදෙන බව පවසමින් ගම්වාසියෙක් ව්‍යාපෘති කාර් යාලයේ වහලට නගිති


රිදිමාලියද්දේ මොරාන ජලාශ ව්‍යාපෘතියෙන් ගම්මුන්ට පිඩා - නිසි ආකාරයෙන් වන්දි නොදෙන බව පවසමින් ගම්වාසියෙක් ව්‍යාපෘති කාර් යාලයේ වහලට නගිති 
2015-12-19 ‍ෙප.ව. 10.59  https://www.facebook.com/NewsatMahiyangana 

රිදිමාලියද්ද මොරාන ජලාශ ව්‍යාපෘතියේ වන්දි නිසි ආකාරයෙන ලබා නොදෙන බවත් එහිදි විවිධ අක්‍රමිකතා සිදුව ඇති බව පවසමින් ගම්වැසියෙක් ඊයේ (18) දහවල් ව්‍යාපෘතිකාර් යාලයේ වහල මත නැගි උපවාසයක් ආරම්භ කරනු ලැබුයේ වස බෝතලයක්ද අතැතිවයි.
වසබෝතලයක් අතැතිව මොරාන ජලාශ ව්‍යාපෘති කාර් යාලයේ වහලය මත  නගින ලද්දේ සමින්ද විජේරත්න නම් වයස 36ක් වයසැති තැනැත්තෙකි. ඔහු බුබුලේ යාය, මොරාන, යල්වෙල පදිංචි අයෙකි.
 මෙම ජලාශයේ වේල් සෑදිමේදි ඔහුන්ගේ නිවාසය කඩා ඉවත් කර ඇති අතර මේ වන තුරු ඔහුන් සදහා පොරොන්දු වු පරිදි වන්දි නොගෙවිම හා නිළධාරින්ගේ විවිධ අකටයුතු හා අකාර් යක්ෂම කටයුතු හේතුවෙන් මෙම තිරණය ගෙන මෙම උපවාසය ආරම්භ කල බව ඔහු පවසති. ජලාශය හේතුවෙන් නිවාස අහිමි වුවන් සදහා නිවාස සාදාගන්නා තුරු රජයෙන් ගෙවිමට පොරොන්දු වු නිවාස කුලි (කුලි නිවාස සදහා)  හා වන්දි ලබා දෙනතුරු  හා ව්‍යාපෘති අධ්‍යක්ෂක පැමිණ විසදුම් ලබා දෙනතුරු වහලෙන් නොබසින බවත් විසදුම් නොලැබුනහොත් වස පානය සිදු කරනා බව ඔුහු වහලය මත සිට ප්‍රකාශ කර සිටියේය.
ව්‍යාපෘති කාර්ය යාලයේ දැන්වීම් පුවරුවේ වන්දි ගෙවිම සදහා යෝජනාවී ඇති ගම්වාසින් 108කගේ නාම ලේඛනයක් හා මුදල් ප්‍රමාණය ප්‍රදර් ශනය කර ඇති අතර එයින් 35ක් සදහා පමණක් මේ වන විට වන්දි ගෙවිම සිදු කරන අතර ඒ තුලත් විවිධ වු නිළධාරින්ගේ අකටයුතු හා දෝෂ ඇති බව ගම්වාසින් චෝදනා කරති.

මෙම ගැටලුව විසදීම සදහා මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර  මහතා මැදිහත් වීමෙන් මොරාන ජලාශ ව්‍යාපෘති අධ්‍යක්ෂක කැදවීම සිදු කල අතර ව්‍යාපෘති අධ්‍යක්ෂක එ. වී . සී මෙන්ඩිස්   පැමිණ ගම්වාසින් හට ලිඛිත පොරොන්දුවක් ලබාදීමෙන් පසු උපවාසය අවසන් විය.

ශ්‍රිලංකාවේ දිලිදුකම්න් ඉහල ග්‍රාමිය ජනතාවක් වෙසෙන රිදිමාලියද්ද ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ‍  මොරාන ග්‍රාම නිළධාරි වසමේ මේ වන විට වසර 3කට පෙර ආරම්භ කරන ලද මොරාන ජලාශ ව්‍යාපෘතිය මගින් මේ වන විට ගම්මානයේ ගම්වාසින් හට මහත් පීඩා ගෙන දෙන බවත් ව්‍යාපෘතියේ නිළධාරින් හා දේශපාලන නායකයන් පො‍රොන්දු වු ආකාරයෙන්  ජලාශය සදහා යටවන ඉඩම් සදහා වන්දි ලබා නොදිම හා ජලාශයට යට වන ඉඩම් සදහා නව ඉඩම් ලබා නොදිම හේතුවෙන් ගම්මානයේ පවුල් 108ක් සදහා බලවත් අසාදාරණයකට ලක්වි ඇති බවට ගම්වාසින් චෝදනා කරති.  ගම්මානයේ පවුල් 35ක් සදහා වන්දි මේ වන විට ලබාදිමට නිළධාරින් කටයුතු කර ඇති අතර එසේ ලබාදෙන මුදල් හා චෙක්පත් සම්බන්දයෙන් විවිධ ගැටලු හා දෝශ ඇති බවට ගම්වාසින් චෝදනා කරති. එසේ සිදු කිරිමෙන් අනෙකුත් වන්දි ලාබාන්ට බලවත් අසාදාරනයක් සිදුකර ඇති බව ගම්වාසින් චෝදනා කරති.
 පොරොන්දු වු ආකාරයෙන් වන්දි හා ඉඩම් ලබාදිමට නිළධාරින් අපොහොසත් විම මෙම ගැටලුවට මුල් වි ඇත.
උල්හිටිය ඔය හරස් කරමින් , කෙසෙල්පොත ප්‍ර දේශයේ රොටවැව සදහා ජලය ගෙන යෑම සදහා මෙම මොරාන ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කල අතර ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 15000කි. එමගින් අක්කර 1800ක් අස්වැද්දීමට අපේක්ෂා කෙරෙනවා. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 170ක්. 
මොරාන, පෙතියාගොඩ, මහලුණුක යන ග්‍රාම සේවා වසම් තුනක හා යල මහ කන්න දෙකම වගාවන් සදහා ජලය සැපයු ඇල්හේන ව්‍යාපාය, නෙලුව ව්‍යාපාරය, දෙමෝදර ව්‍යාපාරයේ (ව්‍යාපාර තුනක) කුඹුරු යට කරමින් ජල ව්‍යාපාර තුනක පවුල් 108ක් මෙම ජලාශය හේතුවෙන් ඉඩම් අහිමි වන අතර ඒ සදහා වන්දි හා ඉඩම් ලබාදිමට නියමිතව තිබේ. ව්‍යාපෘතිය ආරම්භකර වසර 3කට අධික කාලයක් ඉක්ම ගියද පොරොන්දු වු ආකාරයෙන් වන්දි හා ඉඩම් ලබාදිමට නිළධාරින් අපොහොසත් විම මෙම ගැටලුවට මුල් වි ඇත.
ජලයෙන් යට වන ඉඩම් සදහා නව ඉඩම් ලබා නොදි ගම්වාසින් එම භුමිවල ජිවත් ව සිටියදි මේ වන විට වැවේ බැම්මා සැකසිම සදහා ගම්වාසින්ගේ වගා භුමිවලින් විශාල ලෙස පස් කැපිම සිදු කිරිම හේතුවෙන් මෙතෙක් කල් ජිවත් වීම සදහා සිදු කල වගාවන් ( බඩ ඉරිගු හා හේන් වගාවන්  ගම්මිරිස් කජු ) සිදු කරගැනිමට නොහැකිව ගම්වාසින් විශාල ලෙ ආර් ථික වශයෙන් ආදායම් නොලබන තත්වයකට පත්ව අති අතර තම පවුල් හා දරුවන් ජිවත් කරවිමට මහත් සේ දුක් විදිමට සිදු ව ඇතැයි ගම්වාසින් චෝදනා කරති.
එසේම ව්‍යාපෘතිය පටන් ගැනිමට පෙර නිළධාරින් හා දේශපාලන නායකයන් ගම්වාසින්ට පවසා ඇත්තේ ගම්වාසින්ට ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් රැකියා අවස්ථා ලබා දෙන බවත් ගම්වාසින්ගේ වාහන මෙම ව්‍යාපෘතිය සදහා ( ලොරි හා ට්‍රැක්ටර්) ලබාගන්නා බවත් වන අතර මේ වන විට සියලු වාහන හා කම් කරුවන් පිටස්තරයෙන් ගෙන්වන ඒවා විමෙන් ගම්වාසින් හට එමගින් ද බලවත් අසාදාරණයක් වි ඇති බවයි. 
දේශපාලන නායකයන්, වාරිමාර්ග නිළධාරින්ගේ සිට දිස්ත්‍රික් ලේකම් තුමන් දක්වා රජයේ නිළධාරින් ගම්වාසින්ව සැම විටම රැවැට්ටු බවටද ගම්වාසින් චෝදනා කරති.








No comments:

Post a Comment