Friday, December 4, 2015

මහඔයෙන් හමු වූ දඹරන් බුදු පිලිමය

2015-12-04 20:47:50
කිලෝ 14 ග‍්‍රෑමි 925 ක් බර දඹරන් බුදු පිලිමයක් සැකකරුවන් දෙදෙනෙකු සමග අමිපාර මහඔය පොලිස් බල ප‍්‍රදේශයේ තැපැල්පොල තේක්කවත්ත ප‍්‍රදේශයේ දි මහඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහඔය පොලිස් ස්ථානයට ලැබුන තොරතුරක් මත දින දෙකක් තිස්සේ සැලසුමි කර මෙම අත් අඩංගුවට ගැනිම ඊයේ (04) සිදුකරනු ලැබුවා.
සැකකරුවන් මෙම බුදු පිලිමය විකිණිමට රුගෙන යමින් සිටියදි මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබෙනවා.
මෙම බුදු පිලිමය රඹකැන්ඔය කැලෑ ප‍්‍රදේශයක තිබි තමන්ට හමුවු බව අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට පවසා තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධව තවත් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා.
මෙම බුදු පිලිමයේ උස අගල් 10 ක් වෙන අතර පලල මල් ආසනය සමග අගල් 10 ක්.
මෙම බුදු පිලිමය සමාධි බුදුපිලිමයක්
මෙම දඹරන් බුදු පිලිමයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව දැන ගැනිමෙන් අනතුරුව මෙම බුදුපිලිමය වන්දනා මාන කිරිමට ජනතාව මහඔය පොලිසියට වැල නොකැඩි ඒමට පටන් ගෙන තිබෙනවා.

No comments:

Post a Comment