Saturday, May 23, 2015

එදා LTTE පටන් ගත්තෙත් උතුරේ උසාවි පොලිසිවලට ගල් ගහල තමයි....මහින්ද රාජපක්ෂ මහතා මහියංගනයේදි කියයි. ඇත්දළ ලකුණින් ඉදිරියේදි ඡන්දය ඉල්ලනවාද යැයිද මාධ්‍ය විමසයි.

“ අද උතුරේ උසාවි වලට පොලිස්ථාන වලට ගල් ගහනවා. එදා එල්. ටි. ටි. ඊ. එක පටන් ගත්තෙත් එහෙම තමා. මේක බයානක තත්වයක් හා මුල පිරිමක්. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි එල්.ටි. ටි. ඊ. එක ආරම්භ උනේ. ඒක නිසා පොලිසිය ක්‍රියාත්මක වෙන්ඩ ඕන. උතුරේ නිතිය එක ක්‍රමයටත් දකුනේ නිතිය එක ක්‍රමයටත් ක්‍රියාත්මක කරන්ඩ බෑ. රටේ එක නිතියක් පවතින්ඩ ඕන. සාමය තියෙන්ඩ ඕන. මේ තත්වය ඉක්මනින් වෙනස් කිරිමක් කරන්ඩ ඕන. බොහොම පැහැදිලියි ඉතාමත්ව සංවිධානත්මකයි කියලා“ යැයි ප්‍රකාශයක් ලබා දෙමින් මහියංගන නගර මධ්‍ය යේ වු සමාධි බුදුරුව පරිශ්‍රය වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත විමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතාගේ සංවිධානයෙන් මෙම ආගමික වතාවත් සංවිධානය කර තිබුනේය.
විල්පත්තු වන සංහාරය පිළිබද මාධ්‍ය වේදින් ප්‍රශ්න කර සිටි අතර එහිදි “ මම මිට ඉස්සරත් මේ ගැන කථා කරලා තියෙනවා. මහලොකුවට ඔය ආන්ඩුවේ ඉන්නවා... හැමදාම කැලෑවේ ඉන්න කට්ටිය. අභය භුමියටම වෙලා ජිවත් වෙන කට්ටියත් ඉන්නවා... සතියකට පස් වතාවක් යන අයත් ඉන්නවා. ඉතින් ඒ අය මේවා ගැන ක්‍රියාත්මක වෙන්ඩ ඕන යැයි ප්‍රකාශ කර සිටියේය.
මෙහිදි මාධ්‍යෙව්දින් “ඇත් දළ ලකුනෙන් ඉදිරියේදි ඔබතුම ඡන්ද ව්‍යාපාරටය එනවාද? “ යන්න විමසු විට එයට කිසිවක් නොකියා සිනාසි පිටව යන්නට වු අතර රැස්ව සිටි පිරිස එහිදි “එතුමා මොන ලකුණින් ඉල්ලුවත් දිනනවා “ යැයි ඔල් ඔරසන් දුන්නේය.. රැස්ව සිටි පිරිස “මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා.... ජයවේවා....“ යැයි කැගැසිය.



No comments:

Post a Comment