Wednesday, May 13, 2015

පොලිසියේ 103ට ඇස් ලෙඩ

 දෙමළ ඉගෙන ගන්න ආ පොලිසියේ 103ට ඇස් ලෙඩ හැදි ප්‍රතිකාර සදහා රෝහලට එවයි - රෝගි නිළධාරින්ට නිවාඩු නොදිම රෝගය පැතිරිමට හේතුවලු නිළධාරින් චෝදනා කරති
5/13/2015 1:57 PM
මහියංගන මාපාකඩවැව පොලිස් පුහුණු මධ්‍යස්ථානයේ දෙමළ භාෂා අධ්‍යන පාඨමාලාව හැදැරිම සදහා පැමිණ පොලිස් නිළධාරින් 103කට ඇස් ලෙඩ රෝගය වැලදිමෙන් ප්‍රතිකාර ලබා ගැනිම සදහා මහියංගන මුලික රෝහලේ බාහිර රෝගි අංශය වෙත අද උදැසන ඇතුලත් කෙරින.
පාඨමාලාව සදහා පැමිණි නිළධාරින් දෙදෙනෙකුට මෙම රෝගි තත්වය මුලින් වැලදි ඇති අතර ඔහුනට නිවාඩු ලබා නොදි මධ්‍යස්ථානය තුල රදවා තබා ගැනිම තුලින් සිඝ්‍ර ‍යෙන් මෙම රෝගි තත්වය ව්‍යාප්තවු බවත් නේවාසිකාගර තුලඅඩු ඉඩ කඩ ප්‍රමාණයක විශාල පිරිසක් රදාවා තැබිම හේතුවෙන් මෙම රෝගය විශාල ලෙස ව්‍යාප්ත වන්නට හේතු වු බව අධ්‍යාපන කටයුතු සදහා පැමිණි නිළධාරින් චෝදනා කරති. ඉතිරි නිළධාරින් හටද මෙම රෝගය පැතිර යනු ඇතැයි අධ්‍යන කටයුතුවල නිරත පොලිස් නිළධාරින්ගේ දැඩි බයක් පවති.
ප්‍රථම දිනේදි රෝගින් 24ක්ද, පසු දින රෝගින් 18ක්ද, අද (13) දින රෝගින් 61ක් ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර සදහා යොමු කර ඇත. මහියංගන මුලික රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර සදහා යොමු කල නිළධාරින් සදහා පසුව වෛද්‍ය වරු මගින් දින 07 නිවාඩු අනුමත කර ඇති ඇත.
මහියංගන ප්‍රාෙද්ශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය වරු හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මැදිහත් විමෙන් මාපාකඩවැව පොලිස් පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යන කටයුතු නිලැලි සිටින පොලිස් නිළධාරින් සදහා රෝගය පැතිරිම අවම කිරම හා වලක්වා ගන්නා ක්‍රම හා පුද්ගල සනිපාරක්ෂාව පිළිබද දැනුවත් කිරිම් මේ වන විට කිපයක් ම මේ වන විට සිදු කර ඇති බවත් ඔහුන්ගේ දැඩි අධික්ෂණය පුහුණු මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව  මහියංගන ප්‍රාෙද්ශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය පි කේ ධර්මප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේය.
ආසියානු පදනමේ අනුග්‍රහය ඇතිව පොලිස් නිළධාරින් සදහා ක්‍රියාත්මක දෙමළ බාෂා පාඨමාලාව මස 5ක අධ්‍යන කාලයක් තුළ ක්‍රියාත්මකව පවති. මේ වන විට  පොලිස් නිළධාරින් 385ක් පුහුණුව ලබති.






No comments:

Post a Comment