Tuesday, May 26, 2015

වැසිදාට අලි නෑවිය හැකි තරමේ වලවල් - ලොග්ගල්ඔය මාර්ගය හොදටම අබලන් - කුඩා වාහන දැන් යන්නේම නෑ ඒ පාරේ


2015-05-26 ප.ව. 1:06
මහියංගන ලොග්ගල් ඔය, පගරගම්මන මාර්ගය මේ වන විට ස්ථාන රැසක අලි නෑවිය හැකි මට්ටමේ වලවල් සෑදිම හේතුවෙන් ගමනාගමනය ඉතා දුෂ්කර වි ඇති බව ගම්වාසින් චෝදනා කරති.
මහියංගන සිට බදුල්ල දක්වා යා හැකි ඉතා කෙටි මාර්ගයක් වන මෙය බදුල්ල රෝහල වෙත ඉතා අසාධ්‍ය රෝගින් ගිලන්රථ මගින් කඩිනමින් ගෙනයා හැකි මාර්ගයක් ලෙස කාව්රුත් බාවිතයට ගත්තාවු මාර්ගයක් උවද අද වන විට එම පහසු කම ජනතාවට හා රෝගිනට අහිමි වි ඇත.
ඌව පළාත්සභාවට අයත් මාර්ගයක් වන මෙය අවස්ථා ගනනාවකදි විශාල මුදලක් වැය කර ප්‍රතිසංසකරනණ කලද, ප්‍රතිසංස්කරණය කිරිමට ගතවු කාලයට වඩා වැඩි වේගයකින් මාර්ගය අබලන් තත්වයට පත්වන බව ගම්මුන් චෝදනා කරති. ප්‍රතිසංස්කරන කටයුතු නිසි ප්‍රමිතියෙන් තොරව සිදු කිරිම ඊට හේතුව වි තිබේ.
වරෙක බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි ද මෙම මාර්ගය සම්බන්දයෙන් හිටපු ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වු අතර මාර්ගය නිසි ප්‍රමිතියෙන් යුතුව සාදා දෙන ලෙස එහිදි නිළධාරින් හට නියෝගද කෙරිනි.
මෙම මාර්ගයේ පාසැල් කිහිපයක්ම පවතින අතර වැසි සමයේ මාර්ගයේ විශාල වලවල් වල ජලය පිරිම හේතුවෙන් පාසැල් වෙත යන කුඩා දරුවන් විශාල ගැටලු රැසකට මුහුන දෙන බව ගම්මානයේ වැසියන් පවසති. වැසි සමයට මාර්ගයේ විශාල වලවල් වල ජලය පිරිනු විට අලි පවා නෑවිය හැකි මට්ටමේ වලවල් පවතින පවත්, ඒ හේතුවෙන් කුඩා ප්‍රමානයේ වාහන ගමනා ගමනය අඩාල වි ඇති බවත් ගම්මුන් වැඩිදුරටත් පවසති.
වැලි ලොරි රැසක් මෙම මාර්ගයේ ගමන් කිරිම හේතුවෙන් මෙම මාර්ගය කඩිනමින් අබලන් වන බව වගකිවයුතු නිළධාරින් පවසන අතර මෙම ගැටලුවට විසදුමක් ලෙස නිසි ප්‍රමිතියෙන් යුතු බරවාහන ගමන් කල හැකි වන ආකාරයේ මාර්ග ප්‍රතිසංස් කරණය කර දෙන ලෙස ගම්වාසින් ඉල්ලා සිටි. තවද ජනතා මුදල් නාස්ති නොකර තාවකාලික පැලැස්තර නොයොදා ප්‍රමිතියෙන්යතු මාර්ගයක් ඉදි කර දෙන ලෙස ගම්වාසින් වගකිවයුතු රජයේ නිළධාරින්ගෙන් හා බළධාරින්ගෙන් ඉල්ලා සිටි.





No comments:

Post a Comment