Friday, May 15, 2015

දැරියගේ බඩේ අමාරුවට හේතුව දැරිය ගැබිනියක් බව වෛද්‍යවරු කියයි

2015-05-16 ප.ව. 10:21

බඩේ අමාරුව හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සදහා වයස අවුරුදු 15ක දැරියක් රෝහල් ගත කිරිමෙන් පසු එයට හේතුව ඇය ගැබිනියක් බවට වෛද්‍ය පරික්ෂණ වලින් අනාවරණය වු සිද්දියක් ඊයේ (14) දහවල් කන්දකැටිය ප්‍ර දේශයෙන් වාර්ථාවේ.
දැරියගේ බාප්පා විසින් දැරිය බලහත්කාරයෙන් ජනවාරි මාසයේදි බරපතල ලෙස අපයෝජනය සිදු කර ඇත. අධික බඩේ අමාරුවක් හේතුවෙන් දැරියගේ දෙමාපියන් විසින් දැරිය ඊයේ (14) දහවල් මීගහකිව්ල රෝහල වෙත ඇතුලත් කිරිම...ෙන් අනතුරුව වෛද්‍ය පරික්ෂාවෙන් පසුව වෛද්‍යවරුන් විසින් දැරිය ගැබිනියක් බව හෙලි කර තිබේ. දැරියගේ වයස මේ වන විට අවුරුදු 15 මාස 03කි.
සිද්දිය සම්බන්දයෙන් කන්දකැටිය පොලිසිය පරක්ෂණ සිදු කරන අතර දැරිය අපයෝජනය සිදු කල ඇගේ බාප්පා මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

No comments:

Post a Comment