Tuesday, May 26, 2015

මිනිස් අතකට සමාන වැල් අලයක් මහියංගනයෙන් - තවත් අලයක් මිනිස් පෙම් යුවලකට සමානලු

2015-05-26 ප.ව. 2:06
මිනිස් අතකට බොහෝසෙයින්ම සමාන වැල් අලයක් මහියංගන විල්ලුව වැව ප්‍ර දේශ‍යේ නිවසක වැල් අල හාරමින් සිටි පිරිසකට පසුගිය දා හමු වි ඇති අතර එහි ඇගිලි හා නිය පොතුද මිනිස් අතකට බොහෝසෙයින් සමාන ආකාරයෙන් පිහිටා තිබිම සුවිශේෂි වේ.
මහියංගන, පුජානගරය, විල්ලු පිටිය, අංක 101, ඩි.එම් පියන්ත මහතාගේ නිවසේ මෙම සුවිශේෂ ආකාරයෙන් මිනිස් අතකට සමාන වැල් අලය පසුගිය දා හමු වි ඇත. නිවසේ පිටුපස සිටවා තිබු වැල් අලය නිසි කල උදාවිමත් සමග ආහාර සදහා ලබා ගැනිමට හාරා ඇත. මිනිස් අතට සමාන වැල් අලය හා ඒ අසලම වෙනත් වැල් අලයක් හාරා ඇති අතර එයද මිනිස් යුවලකගේ සමාන හැඩරුවින් ඇති බව ඩි.එම් පියන්ත මහතා ප්‍රකාශ කර සිටි. පෙමින් වෙලිසිටින කාන්තා හා පිරිමි කෙනෙකුගේ හැඩය එම වැල් අලයටද ඇති බන එම මහතා වැඩිදුරටත් පැවසු අතර ඒවා දැක බලා ගැනිම සදහා ගම්මානයේ විශාල පිරිසක් ඩි.එම් පියන්ත මහතාගේ නිවසට පැමිණි බව ප්‍රකාශ කර සිටියේය.


No comments:

Post a Comment