Sunday, May 17, 2015

උඩදුම්බර රිය අනතුරෙන් පොලිසියේ 2ක් මරුට - 3ක් රෝහල

5/17/2015 11:02 AM
මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ හුන්නස්ගිරිය, ලේනාපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් ගමන්ගත් වෑන් රථයේ ටිපර් රථයක් ගැටි අද අළුයම 03ට පමණ සිදුවු මෙම අනතුරෙන් මහනුවර ගලහා පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්වු අතර තවත් තිදෙනෙක් තුවාල ලබා පේරාදෙනිය මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.
...
උඩදුම්බර මඩුගල්ල ප්‍ර දේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී ආපසු එමින් සිටිය දී එම පොලිස් නිලධාරීන් අනතුරට ලක්ව ඇත.
අනතුර සිදු වන විට වැන් රථයේ පස්දෙනෙකු ගමන් කර ඇත. ලොරි රථයේ රියදුරා උඩදුම්බර පොලිසිය විසින් අත් අඩගුවට ගෙන ඇති අතර තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මිය ගිය පොලිස් නිළධාරින් වන්නේ, උප පොලිස් පරික්ෂක ජගත් ඥාණසිංහ (53) නුවර පාර, ගලහ යන ලිපිනයේ පදිංචි අයෙකි. අනෙක් මිය ගිය පොලිස් නිළ ධාරියා වන්නේ පොලිස් කොස්තාපල් ජයවනර්ධන (33) අවිවාහක අයෙකි. 114/4, හුරිකඩුව නැගෙන හිර, මැණික්හින්න යන ලිපිනයේ පදිංචි අයෙකි.
උඩදුම්බර පොලිසියේ රථවාහන අංශව මගින් රිය අනතුර සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ. 





No comments:

Post a Comment