Friday, May 8, 2015

අසැබි සිඩි තැටි විකිනු මහියංගන නගරයේ සිඩි කඩ තුනට පොලිසිට පනි

2015-05-08 ප.ව. 11:02
මහියංගන නගරයේ අසැබි සිඩි තැටි විකිනු සිඩි කඩ තුනක් අද (08) දින මහියංගන පොලිසිය විසින් වටලනු ලැබු අතර එහිදි අසැබි දසුන් සහිත සිඩි විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනිමට හැකි වු මහියංගන නව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා ප්‍රකාශ කර සිටි.
මෙම වෙළෙදසැල් තුනම එකම පුද්ගලයෙකුට අයත් බව පොලිසිය පැවසිය. සිඩි වෙළෙදසැල් තුනෙහි සේවකයන් තිදෙනෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුන් හෙට දිනයේ මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

No comments:

Post a Comment