Thursday, May 7, 2015

මාර්ග ආරක්ෂණ සතියට ජනතාව දැනුවත් කිරිමට පොලිසිය පාරට බසි

 5/8/2015 10:34 AM

මාර්ග භාවිතයේදි දරුවන් ආරක්ෂාව තේමාව කර ගනිමින් එක්සත් ජාතින්ගේ ලෝක මාර්ග ආරක්ෂණ සතිය සැමරිම වෙන්වෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශය  හා මහියංගන මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින් එක්ව ගම්වාසින් , පදිකයන් , වාහන රියදුරන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (07) උදැසන මහියංගන නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කල අතර දැනුවත් කිරිමේ විස්තර පත්‍රිකා බෙදා දිම සිදු කරන ලදි. ඒ අතරම මගි ජනතාව කොටස් වශයෙන් ගෙන බාර්ගය බාවිතතයේදි පවතින නිති රිති හා තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නේ කෙසේද වන්න පිළිබද දැනුවත් කිරිම සිදු කරන ලදි. මහියංගන පොලිස්ථානයේ රථවාහන අංශයේ ප්‍රධානි සි එම් ඒ කුමාරතුංග මහතා හා සෙසු නිළධාරින්ගේ ප්‍රධානත්වයෙන් මෙම දැනුවත් කිරිමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි.
ලොව දිනෙන් දින ඉහල යන මාර්ග අනතුරු හා දරුවන් රිය අනතුරුවලට බාජනය වි මියෑම අවම කිරිමේ අරමුණ ඇතිව මාර්ග ආරක්ෂණ සතියක් මේ වන විට නම් කර ක්‍රියාත්මක කරමින් ඇති අතර එය මැයි 4 සිට මැයි 10 දක්වා ක්‍රියාත්මකව පවති.




No comments:

Post a Comment