Saturday, May 30, 2015

එලබෙන දන්සැල් සමය වෙනුවෙන් තොග බඩු කඩ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට - මියො කාපු හා කුණු වු ආහාර සොයාගැනේ - ව්‍යාපාරිකයන් 06 කට නඩු


2015-05-30 ප.ව. 2:24
එලබෙන දන්සැල් සමය වෙනුවෙන් මහියංගන නගරයේ තොග බඩු කඩ හා සිල්ලර බඩු කඩ සියල්ල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට අද (30) දිනයේ ලක් කෙරනා. විශේෂයෙන් දන්සැල් සදහා යොදා ලන්නා අමුද්‍රව්‍ය තත්වයෙන් බාල / නරක් වු හා විකිණිමට නුසුදුසු ඒවා කූඨ වෙළෙදුන් විසින් දන්සැල් සදහා ලබාදිම වැලැක්විම මෙහි අරමුණ වු අතර මහජනතාවලේ සෞඛ්‍ය ගැන විශේෂ සැලකිල්ලක දැක්විම මෙහි ප්‍රධාන අරමුණ වි තිබේ.
මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය පි කේ ධර්මප්‍රිය මහතාගේ උපදෙස් පරිදි ආර් එම් ටි පි විජේසෝම, ඊ ඩි ඩි ඒ එදිරිසිංහ, ඒ එම් එස් අබේසේකර යන මහජන සෞඛ්‍ය මහතුන් විසින් මෙම පරික්ෂාවන් සිදු කරන ලදි
පුස්සහිත කඩල කිලෝ 120ක්, මියන් හානික සකස් කරනලද ආහාර පැකට්, පණු කැදලි හා ගුල්ලන් සහිත උදු ඇට කිලෝ 32 , මහජන සනිපාරක්ෂාවෙන් තොරව නිපද වු බුන්දි සැදිමේ ස්ථානයක් ඇතුලු පුද්ගලයන් (ව්‍යාපාරිකයන් ) 06ක් සදහා නඩු පැවරිම සිදු කරන ලදි







No comments:

Post a Comment