Wednesday, May 6, 2015

වෙසක් එකට පොලිසියෙනුත් මහා පාන් දන්සැලක්

වෙසක් එකට පොලිසියෙනුත් මහා පාන් දන්සැලක්
10:59 AM 5/7/2015
ඌව පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිසිපති නන්දන මුනසිංහ මහතාගේ සංකල්පයකට අනුව බදුල්ල කොට්ඨාශයේ පොලිස්ථාන වලින් සංවිධානය කරනු ලැබු මහා පාන් සමග සිනි සම්බෝල දන්සැල ඊයේ (05) සවස මහියංගන රාජමාහා විහාරස්ථානයේ වෙසක් කාලාපයේ එනම් විල්ලුව වැව අභියසදි පැවත් වින
නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්ද, ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති, මහියංගන සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ, මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර යන මහත්වරුන්ගේ පුර්ණ අනුග්‍රහයෙන් මෙම පාන් දන්සැල සංවිධානය කර තිබුනි.
මේ සදහා පාන් 3000ක් දන්සැලේදි බෙදා දිම සිදු කෙරින. පාන් ගෙඩිය කොටස් තුනකට කපා සිනි සම්බෝල තවර පාර්සල් කර පාන් බෙදාදිම මෙහිදි සිදු කෙරින.
වෙසක් කලාපය නැරබිම සදහා පැමිණි විශාල ජනතාවක් සහ ධාතු වන්දනාව සදහා පැමිණි විශාල පිරිසක් දිගු පොලිම් සහිතව පැමිණ සහබාගි වි සිටිනු දක්නට ලැබින මෙම අවස්ථාව සදහා මහියංගන රජමහා විහාරස්ථානයේ බාරකාර පුජ්‍ය පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්කින නාහිමියන් හා බදුල්ල දිස්ත්‍ර්ක්කයේ පොලිස්ථානාධිපතිවරු හා ජේෂ්ඨ පොලිස් නිළධාරින් සහබාගි වි සිටියේය










No comments:

Post a Comment