Sunday, May 3, 2015

ජාතික වෙසක් මංග්‍ය ඓතිහාසික මහියංගන පින් බිමේදි

2015-05-03 පෙ.ව. 8:42

තිලෝගුරු බුදුරජානන්වහන්සේගේ තෙමගුල සමරන වෙසක් පුන්පොහොය අදයි (03) . ඒ නිමිති කර ගනිමින් රාජ්‍ය වෙසක් මංගල්‍ය, රාජ්‍ය අනුග්‍රහයෙන් ඓතිහාසික මහියංගන රාජ මහා විහාරස්ථානයේදි පැවැත්විමට රජය පුර්ණ අනුග්‍රහය ලබා දි තිබේ.
අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රධානත්වයෙන් උදැසන ආගමික වතාවත් සිදු කෙරිනි.
බුද්ධශාසන හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අමාත්‍ය කරු ජයසුරිය මහතා හා එම මැතිනිය, බුද්ධශාසන හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් වසන්ත ඒකනායක මහතා හා බෞද්ධ  කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍ර ප්‍රේම ගමගේ මහතා අද උදැසන සිට ආගමික වතාවත් සදහා සහභාගි වි සිටි.
දිවයිනේ විවිධ ප්‍ර දේශ වලින් පැමිණි උවැසි උවැසියන් ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයේ සිල් සමාදන් වි විවිධ ආගමක වතාවත් වල නියැලෙමින් සිටි. අද දිනය පුරා ධර්ම දේශනා , කවි බණ වැඩසටහන් , ධාන සිල භාවනා වැඩ සටහන් රාශියක් මහියංගන පුණ්‍ය භුමිය තුලදි සිදු කිරමට සංවිධානය කර ඇත.
 සිද්ධාර්ථ බෝසතානන් වහන්සේගේ ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය අදවන් වෙසෙක් පුරපසලොස්වක පොහෝ දිනයක සිදුවූ බවයි ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ.
තුසිත දෙව්ලොවින් නික්මී මහමායා දේවියගේ කුසෙහි පිළිසිදගත් බෝසතාණෝ උපත ලබන්නේ ශාක්‍ය ජනපදයෙහි ලූම්බිණි සල් උයනේදීයි. බෝසතානන් වහන්සේ ඇසතු බෝ රුක මුලදී සියලූ කෙලෙස් නසා අදවන් දිනක සම්මා සම්බෝධිය අවබෝධ කරගත් බවද ශාසන ඉතිහාසයේ සදහන්. 45 වසරක් පුරා සකල ලෝකවාසීන්ගේ හිතසුව පිණිස සිය ජීවිතය ගතකළ බුදු පියාණන් වහන්සේ 80 වන වියේදී අදවන් වෙසක් පොහෝ දිනක කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්වන සල් උයනේදී පිරිනිවන් පෑ බවද ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. 
මේ අතර බුදුපියාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදුවූයේද අදවන් වෙසක් පුරපසලොස්වක පොහෝ දිනකයි. විජය කුමරුගේ ලංකා ගමනද අදවන් දිනක සිදුවු බවයි වංශ කතාවල දැක්වෙන්නේ. දේවානම් පියතිස්ස රජු දෙවන රාජාභිශේකය සිදුකළේද, දුටුගැමුණු මහරජතුමා රුවන් වැලිසෑයේ ඉදිරිකිරීම් ආරම්භ කිරීමද වෙසක් පොහෝ දිනක සිදුවූ බව වංශ කතාවල සදහන්.

















No comments:

Post a Comment