Friday, May 8, 2015

වනජිවි නිළධාරින් අලි මරණය ගොඩ ගනිදිදී අලි කෙදි ගලවන්න ගම්වාසින්ගේ තරගයක් - අලියෙකුගේ මෘත ශරිරයක් වැවේ

 12:02 PM 5/8/2015

මහියංගන  මාපාකඩවැව, මැදයාය වසමේ, තලාව කොටසේ හෑපොල වැවේ මැද ජලයේ පාවෙමින් තිබු අලියෙකුගේ මෘත ශරිරයක් පෙරේදා (07) උදැසන ගම්වාසින් විසින් සොයා ගැනුනා.
ඒ සම්බන්දයෙන් ගම්වාසින් විසින් රාජ්‍ය නිළධාරින් හා වන ජිවි නිළධාරින් දැනුවත් කිරිමෙන් පසු අද දින සවස ඩෝසරයක් මගින් අලියාගේ මෘත ශරිරය ජලයේ සිට ගොඩ ගනු ලැබිය.
මිය ගිය අලියාගේ මෘත ශරිරය ගොඩ ගැනිම සදහා ගම්වාසින් වනජිවි නිළධාරින් හට බොහෝ සේ උදව් උපකාර සිදු කල අතර එසේ උදව් උපකාර සිදු කල ගම්වාසින් විසින්ම අලියාගේ වලිගයේ අලි කෙදි රජයේ නිළධාරින් හා වන ජිවි නිළධාරින් ඉදිරියේ ගලවාගනු ලැබිය.
මෙසේ මිය ගොස් ඇති අලියාගේ වයස අව්රුදු 10-15 ත් අතර ප්‍රමාණයේ එකෙකු වන අතර මිය යෑමට හේතුව සොයා ගැනිම සදහා වනජිවි දෙපාර්තමේනතුවේ පශු වෛද්‍යවරයා විසින් මරණ පරික්ෂණය අද ඊයේ (08)  සිදු කිරිමට නියමිතව තිබේ. ඉන් අනතුරුව මෘතදේහය වලදැමිමට නියමිතව තිබින.






No comments:

Post a Comment