Monday, October 12, 2015

හිසට වහලක් නැති රෝගින්

හිසට වහලක් නැති රෝගින්
2015-10-12 පෙ.ව. 11.04
දිස්ත්‍රික් 5ක් සදහා තම සේවාව ලබාදෙන මහියංගන මුලික රෝහලේ, ප්‍රතිකාර ලබා ගැනිමට එන රෝගින් වැස්සෙන් හා අව්වෙන් පිඩාවට පත් වන්නට සිදුව අතිබව ප්‍රතිකාර ලබාගැනිමට එන රෝගින් චෝදනා කරති. ඇතුලත් කර ගන්නා ගොඩනැගිල්ලේ සිට වාට්ටු සදහා ගමන් ගන්නා මාර් ගයේ වහලක් නොතිබීම ඊට හේතුව වේ.
රෝහල වෙත ඇතුලත් කරගන්නා රෝගින් ඇතුලත් කර ගැනිමේ බාහිර රෝගි ප්‍රතිකාර අංශ ගොඩනැගිල්ලේ සිට වාට්ටු සදහා ගෙන යෑමට තිබු මාර් ගය තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම හේතුවෙන් ‍මේ වන විට කඩා ඉවත් කර ඇති අතර, ඊට විසදුමක් ලෙස ඉදිකල වාට්ටු සදහා පිවිසුම් තාවකාලික මාර් ගයේ වැඩ මාස කිහිපයක් තිස්සේ නැවති ඇති අතර එහි වහලයක් නොමැති කමින් වර් ෂාව ඇති විට රෝගින් මහත් අපහසුතාවයට පත්වේ.
විශේෂයෙන් අසාධ්‍ය රෝගින්, මහලු රෝගින් වැස්සෙන් නොතෙමි වාට්ටු සදහා රැගෙන යෑමට නොහැකිව රෝහල් කණිෂ්ඨ කාර් යය මණ්ඩලයද දැඩි අපහසු තාවයකට පත්ව ඇති බව රෝහල වෙත පිවිසෙන සියලු දෙනා හට අව බෝදකර ගත හැකි වේ.
වගකිවයුතු බළධාරින්ගේ විශේෂ අවධානය යොමු වී ඉදිරි දැඩි වර් ෂා සමය ආරම්භ විමට පෙර වාට්ටු සදහා පිවිසිමට තනා ඇති තාවකාලික පිවිසුමට වහලයක් සාදා දී අසරණ රෝගින්ට හා රෝහල් කාර් ය මණ්ඩලයට පිහිටක් වන ලෙස ප්‍ර දේශ වාසින් ඉල්ලා සිටි.


No comments:

Post a Comment