Tuesday, October 13, 2015

කාර් එක පල්ලමේ - තිදෙනෙක් රෝහලේ

 2015-10-13 ප.ව. 3.48
බදුල්ල මහියංගණ මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් එම මාර්ගයේ මීගස්පට්ටිය මංසන්ධීය අසල පිහිටි පාලම අසලදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී මාර්ගය අයිනේ තිබු දුරකතන ඇමැතුම් කණුවක්ද කඩාගෙන එ් අසල වූ අඩි 25 ක පමණ ප්‍ර‍පාතයකට පෙරළී ගොස් ඇත.
ඊයේ (12) රාත්‍රි 8.00 ට පමණ සිදුවු අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් තල්දෙන ප්‍රරදේශයේ තරුණයින් තිදෙනෙකු තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුලත් කල අතර බරපතල තත්වයේ පසු වූ ඉන් දෙදෙනෙකු බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවා ඇත.
මෝටර් රථයටද අනතුරින් බරපතල හාණි සිදුව ඇත.


No comments:

Post a Comment