Friday, October 9, 2015

09 හැවිරිදි දැරිය දුෂණය කල පුද්ගලයාට විරුද්දව ගම්වාසින්ගේ විරෝධය

09 හැවිරිදි දැරිය දුෂණය කල පුද්ගලයාට විරුද්දව ගම්වාසින්ගේ විරෝධය
2015-10-09 ප.ව. 10:48
ගිරාදුරුකෝට්ටේ බෙලගන්වැව ගම්මානයේදි ඊයේ සවස වයස අවුරුදු 9 හැවිරිදි පාසැල් දැරිය දුෂණය කල පුද්ගලයෙකුට විරුද්දව ගම්වාසින්ගේ බෙලගන්වැව හන්දියේදි අද (09) උදැසන විරෝධය දැක්වු අතර ඊයේ සවස සිට ප්‍ර දේශයෙන් අතුරුදහන්වසිටි කොත්තු වසන්ත නම් අපරාද කරු ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
නිවසේ කිසිවකු නොසිටි මොහොත නිවසට පැන බලහත්කාරයෙන් දැරිය දුෂණය කර ඇති අතර, මිත්තනිය පන්සැල්ගොස් නිවසට පැමිනිවිට මිත්තනියද පෙරලාගෙන සැකකරු ඵලාගොස් ඇත.  පාසැල් දැරිය ඒ වන විට සිහිමුර්ජාවෙන් සිට ඇති අතර සැකකරු විසින් ගෙල ප්‍ර දේශයද මිරිකා ඇතිබවයට සලකුණු තිබිම හේතුවෙන් ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරිමෙන් අනතුරුව බදුල්ල මහරෝහල වෙත මාරු කර යවා ඇත.

සිද්ධිය සම්බන්දයෙන් ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානාධිපති මොහාන්ද සිල්වා මහතා ප්‍රමුඛ නිළධාරින් විසින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

No comments:

Post a Comment