Saturday, October 17, 2015

වන ජිවි නිළධාරින් ගම රැක සිටියදී නිවාස 4ක් වන අලි කඩති - ගම්මු පාරට බැස පාර හරස්කර විරෝධයක


10/17/2015 3:35 PM
මිනිපේ ගොවිජනපදයේ මේ දිනවල වන අලි කරදර උග්‍ර වී ඇති අතර එක් රාත්‍රියකට ගම්මානවල නිවාස කිහිපයක් වන අලි බිද අස්වනු කා දැමිමෙන් ගම්වාසින් දැඩි දුෂ්කර තාවයකට පත්ව ඇති බවත් වනජිවි නිළධාරින් පොරොන්දු පරිදි ගම්මානයට ආරක්ෂාව සලසන බවත්, රාත්‍රි නිළධාරින් ගම්මානය රැකවල් ලා සිටියදි වන අලියෙකු ගම් වැදී නිවාස 4ක් ඊයේ (16) රාත්‍රි කඩා දමා ඇති බව පවසමින් මහියංගන, රංදෙනිගල ප්‍රධාන මාර්ලගය හරස් කරමින් අද (17) උදැසන 10.00 සිට දහවල් 12.30 පමණ වනතුරු මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරත විය. මේ වන විට ගම්මානයේ නිවාස 10කට ආසන්නා ප්‍රමාණයක් වන අලි විසින් කඩා දමා අස්වනු කාදමා ඇත.
වනජිවි නිළධාරින් ගම්වාසින් හට ඊයේ (16) උදේ පොරොන්දු වි ඇත්තේ ගම්මානයට ආරක්ෂාව සලසා දෙන බවයි. ඒ මොහොත සදහා හසලක පොලිසියේ නිළධාරින්ද එක්වී සිටි අතර ඒ මොහොත සදහා විශාල පිරිසක් එක් වී සිටි අතර විරෝධතාවය පැවැත්වීමට සංවිධානය කර තිබුනේ ඊයේ (16) උදැසන වේ. එහෙත් පොලිසියේ හා වනජිවි නිළධාරින්ගේ ඉල්ලිම මත එය ගම්වාසින් විසින් අත්හිටුවන ලදි.
පැය 2.30 අධික කාලයක් මාර් ගය හරස් කරමින් ගම්වාසින් 300ක් පමණ විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් මාර් ගයේ ගමනාගමනය සම්පුර් ණයෙන්ම අඩාල වු අතර මාර් ගයේ දිගු වාහන පොලිම් දක්නට ලැබින.
මිනිපේ ජනපදයේ වසර 10ක පමණ සිට වන අලි කරදර උග්‍රෙවමින් පවතින අතර රංදෙනිගල වන රක්ෂිතයේ සිට රාත්‍රි වන අලි ගම් වැදිමට පුරුදුව ඇත. රංදෙනිගල සිට හසලක දක්වා විදුලි වැටක් වසර ගනනකට පෙර සිට ඉදිකරනු ලැබුවද වන අලි ඒ විදුලි වැට කඩා දමමින් ගම්වදිනුයේ විදුලි වැටෙහි ඇති දෝශ හේතුවෙන් බව ගම්වාසින් චෝදනා කරති.
මෙසේ වන අලි නිරන්තරයෙන් ගම්වදින ගම්මාන වන්නේ දුනුමඩලාකැටිය, ගලේයාය, බුලුගහමුල්ලේයාය, එගොඩහයාය, මකුලුමුල්ලේයාය, ඔරුවලයාය,33 ඇල, 29 ඇල, 31 ඇල, 3කණුව යන ගම්මාන වේ.
විදුලි වැට නිවැරදි ආකාරයෙන් අඩුපාඩු සකසා සක්‍රිය කර දි මිනිපේ ගොවිජනපදයේ ගොවි දු පුතුන්ගේ ජිවිත සුරක්ෂිත කර දෙන ලෙස ගොවිජනපදවාසින් බළධාරින්ගෙන් හා නිළධාරින්ගෙන් ඉතා බැගැපත්ව ඉල්ලා සිටි.
පොලිසිය අවස්ථා කිහිපයකදී විවිධ විසදුම් ලබා දෙමින් මාර් ගය විවෘත කිරිමට උත්සාහ ගත්තද ගම්වාසින් ඒ කිසිවකට එකග නොවිය.
ගම්මානයේ පක්ෂ නියෝජිතයෙකු විසින් එක්සත්ජාතික පක්ෂ උඩදුම්බර අවසාන සංවිධායක චානක අයිලප්පෙරුම මහතා දුරකතනයෙන් සම්බන්දකර අද (17) සවස සාකච්ඡාවක් සදහා පැමිනෙන දන්වා සිටි අතර ඒ සදහා ගම්වාසි වැඩි එකගතාවයක් නොදැක් වු අතර 
අවසානයේ වනජිවි නිළධාරින් පැමින සතියක් ඇතුලත මෙම විනාශකාරි වන අලියා වෙනත් ප්‍ර දේශයකට රැගෙන යන බවට දුන් පොරොන්දුවෙන් පසු විරෝධතාවය අවසන් විය. වනජිවි අඩවි සහකාර මංජුල ප්‍රදිප් මහතා ගම්වාසින් වෙත එම පොරොන්දුව ලබා දෙන ලදී



No comments:

Post a Comment