Tuesday, October 13, 2015

මැරූ හරක් 3ක් කාර් එකේ ඩිකියේ


 මැරූ හරක් 3ක් කාර් එකේ ඩිකියේ
2015-10-13 ප.ව. 9.35
මහියංගන පගරගම්මන සිට අකුරණ දක්වා කාර් එකක පිටුපස කොටසේ (ඩිකියේ) ගාතනය කරන ලද ගවයන් තිදෙනෙකුගේ (03ක්) මස් ප්‍රවාහනක කරමින් තිබු කාර් එක මහියංගන පොලිසිය විසින් අද (13) උදැසන අත් අඩංගුවට ගන්නට සමත්ව ඇත.
බලපත්‍ර නොමැතිව ගවයන් මැරිම, බලපත්‍ර නොමැතිව ගවමස් ප්‍රවාහනය යටතේ අත් අඩංගුවට ගත් පුද්ගලයා හා කාර් එක සහ කිලෝ 250ක් පමණ වු මස් මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිසිය විසින් පියවර ගන්නා ලදී.
කලක සිට මේ ආකාරයෙන් ගවමස් ජාවාරම සිදු කර ඇති බවයි තොරතුරු ලැබී තියෙන්නේ.

මහියංගන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක වීරකෝමහතාගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන හා නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සුදේශ් චතුරංග මහතා පො.සැ. 49333 එදිරිසිංහ, පො.කො. 61685 සුමිත්, පො.කො. 38588 සම්පත්, 75337 සදලාල්, පො.ස. 1652 තිලක් ප්‍රමුඛ නිළධාරින් විසින් මෙම වැටලිම සිදු කර ඇත. සොරා ගන්නා ලද ගවයන් මේ ආකාරයෙන් ගාතනය කර ඇත්ද යන්න පිළිබද පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.





No comments:

Post a Comment