Thursday, October 1, 2015

ඌව මහ ඇමතිට ඇප


2015 ඔක්තෝබර් 01
පස්සර ප්‍රදේශිය සභාව ඉදිරියේදි පසුගිය 20 වැනිදා පස්සර ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයෙක් වන රුක්මන් ගාමිණි රාජපක්ෂ මහතාට බැණ තර්ජලය කර පහරදුන් බවට චෝදනා මත අධිකරණයෙන් සිතාසි ලැබු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද ( 01 දා) සිය නීති‍‍ව්දින් මාර්ගයෙන් පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත්වු අතර ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය .
නඩු විභාගය ලබන ජනවාරි 28 වන දිනට කල්තැබු මහේස්ත්‍රත් වරිය සැකකාර ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝග කළාය.
ප්‍රධාන අමාත්‍ය වරයා සිය නීතිවේදින්වන සුජීව ජයසිංහ හා ධනුෂ්ක වැලිගම ඇතුථ නීති‍වේදින් සමග අධිකරණයට පැමිණි අවස්ථාව.

No comments:

Post a Comment