
10/2/2015 3:10 PM
ගිරාදුරුකෝට්ටේ, අලුත්තරම ප්‍ර දේශයේ මහවැලි ගගේ බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කරමින් හා ගං ඉවුරට හානි වන අන්දමින් වැලි පැටවු පුද්ගලයන් 09 දෙනෙකු හා වැලි ප්‍රවාහනයට යොදාගනු ලැබු ට්‍රැක්ටර් 09ක් අද දින (02) අලුයම කාලයේදි බදුල්ල කොට්ඨාශ දුෂණ මර් ධණ අංශයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පොලිසියට ලැබුන තොරතුරක් මත බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතාගේ මෙහෙයවීමෙන් බදුල්ල කොට්ඨාශ දුෂණ මර් ධණ අංශයේ නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කරන ලදි
අත් අඩංගුවට ගනු ලැබු වැලි ට්‍රැක්ටර් හා සැකකරුවන් බදුල්ල කොට්ඨාශ දුෂණ මර් ධණ අංශයේ නිළධාරින් විසින් ගිරාදුරුකෝට්ටේ පොලිසිය වෙත බාරදී ඇති අතර ඔහුන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

No comments:
Post a Comment