Sunday, October 11, 2015

සොරොව්ව උඩට නැග පෙට්‍රල් දමා ගිනිතියාගන්න හැදු පුද්ගලයා බේරාගැනේ

2015-10-11 පෙ.ව. 11.40
Video
අසත්‍ය චෝදනාවක් මත ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් තමා අත්අඩංගුවට ගත්බව පවසමින් පුද්ගලයෙකු 09 දින උදැසන ගිරාදුරුකෝට්ටේ උල්හිටිය ජලාශයේ සොරොව්වේ වහලය මත නැගි විරෝධතාවයක නිරත විය.
උල්හිටිය, ධිවර ගම්මානයේ පදිංචි දෙදරු පියෙක් වන මෙම පුද්ගලයා නිති විරෝධි මත්පැන් පෙරිම සහ ලග තබාගැනිමේ චෝදනා මත ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 08 වන දින වේ. එහිදි එදින පස්වරුවේ ඔහුට ඇප ලබා දුන් බව පොලිසිය ප්‍රකාශ කලේය.
මෙම පුද්ගලලයා උල්හිටිය ජලාශයේ සොරොව්වේ වහලය මත පෙට්ට්‍රල් බෝතලයක් අතැතිව වහලය මතට නැගි ගිරාදුරුකෝට්ටේ පොලිසිටය විරුද්ධව විරෝධතාවයේ  නිරත වු අතර විශාල ගම්වාසින් පිරිසක් ද එම ස්ථානයට එක් රොක්වි සිටියේය.
එම ස්ථානයට පැමිණි ගිරාදුරුකෝට්ටේ පොලිස් නිළධාරින් පුද්ගලයා බිමට බැස්සීමට ගත් උත්සාහය අසාර් ථක වු අතර  අවසානයේ  මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා එම ස්ථානයට පැමිණ විරෝදතාවයේ නිරත වු පුද්ගලයා අතර සාකච්චාවක් සිදු කල අතර පොලිසියෙන් අසාධාරණයක් සිදු වු යේ නම් තමාට දැන්වීමට අවස්ථාව තිබු බවත් සහකාර පොලිස් අධිකාරිවරයා තරුණයාය හට ප්‍රකාශ කලේය.
ඒ කිසිවක් සවන් නොදුන් විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයා තම අතතිබු පෙට්ට්‍රල් බෝතලයේ වු පෙට්ට්‍රල් තම ශරිරය පුරා වතකර ගෙන ගිනිතැබිමට උත්සාහ කල අතර ඒ අවස්ථාවේ ගම්වාසින් හා පොලිස් නිළධාරින් අතර උණුසුම් තත්වටක් හටගත් අතර වහාම ක්‍රියාත්මක වු ගම්වාසියෙක් වහලය මතට නැගි තරුණයා අල්ලාගෙන වහලෙන් බිමට බැස්සිමට කටයුතු කලේය. ඉන් අනතුරුව ඔහුව රෝහල් ගත කිරිමට පොලිසිය ක්‍රියා කලේය.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනිමේ නිත්‍යානුකුල භාවය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණයක් ක්‍රියාක්මක වන බවත් විරෝධතාවයේ යෙදි සිටි තරුණයාට විරුද්ධව එලැබෙන 14දින මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට ක්‍රියාකර ඇති බව පොලිස් ආරංච් මාර් ග සදහන් කලේය.






No comments:

Post a Comment