Sunday, October 4, 2015

තවත් දැරියක් අනූ නමයෙන් බේරෙයි

2015-10-04 20:19:39
වයස අවුරුදු 11 ක බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමට තැත්කළබව කියන හිමිනමක් පදියතලාව මොරදෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ, සැකකාර හිමි නම දඹදිව සංචාරයක් සඳහා මුදල් එක්රැස්කිරීම සඳහා ප්‍රදේශයේ නිවාසවෙත ගොස් ඇති බවයි.
එළෙස ගිය අවස්ථාවක දී සැකකාර හිමිනම නිවසක සිටි 11 හැවිරිදි දැරිය අපයෝජනය කිරිමට උත්සාහ දරා තිබෙනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ දැරිය නිවසේ කාමරයක් තුළට ගොස් දොරගුළු ලා ඇති බවයි පොලීසිය පැවසුවේ.
මද වේලාවකින් පසුව දැරිය කාමරයෙන් පිටතට පැමිණ අසල්වැසි ඥාතියෙකුට සිද්ධිය සම්බන්ධයෙන් දැණුවත් කර තිබෙනවා.
ඒ අනුව ඥාතියා සහ ප්‍රදේශවාසීන් එක්ව සැකකාර හිමි නම අල්ලා පොලීසිය භාරදෙනු ලැබුවා.
අනතුරුව සැකකාර හිමිනම අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ළමා හිංසනය පිළිබඳ පාසල් මට්ටමින් දරුවන් දැණුවත් කිරීමේ වැඩසටහනේ ප්‍රතිඵයක් නිසා දරුවා මෙම සිදුවීමෙන් බේරී ඇති බව අදාල දැරිය පොලීසියට පවසා තිබෙනවා.
- See more at: http://nethfm.com/article/84375#sthash.jXotDR3l.dpuf

No comments:

Post a Comment