Tuesday, October 20, 2015

ලේකම්ව මහියංගනය වෙත යවන්න ඌව පරණගම වැසියන් වීදි බසිති


2015-10-19 12:45:00
මහියංගනය වෙත වහාම ක්‍රියාත්මකවන පරිදී ස්ථාන මාරු කරන ලද නමුත් තවමත් තම පැරණි කාර්යාලයේම සේවයේ නියුතුව සිටින ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්වරයා වහාම මහියංගනය වෙත යවන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවක් පවත්වා තිබේ.
ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පාගමනින් පැමිණි ප්‍රදේශවාසීන් කාර්යාලය වෙත ඇතුළු වීම වැලක්වීමට පොලිස් කැරලි මර්ධන ඒකකය කැඳවා තිබූ අතර ප්‍රදේශයේ ආරක්ෂාව ද තර කර තිබිණ. පැයක පමණ කාලයක් මාර්ගය හරස් කරමින් උද්ගොෂණයේ යෙදුන පිරිස කියා සිටියේ ස්ථාන මාරුව අනුව මහියංගනය වෙත නොයා තවමත් ඌව පරණගම රැඳී සිටින ප්‍රාදේශීය ලේකම්වරයා වහාම මහියංගනය වෙත යොමු කරන ලෙස ය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කල විමසීමකදී ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්වරයා පවසා සිටියේ බලපෑම්වලට යටත් නොවී රාජකාරී කටයුතු කල බැවින් තමන්ට මෙසේ ස්ථාන මාරුවක් ලැබී ඇති බව ය

No comments:

Post a Comment