Monday, October 26, 2015

වන අලි ප්‍රහාරයෙන් ආදිවාසියෙක් ජිවිතක්ෂයට



2015-10-26 ප.ව. 3:19
දඹාන ගුරුකුඹුර ගම්මානයේ  අද (26) පාන්දර 4.00ට පමණ වන අලි ප්‍රහාරයට ලක්වී ආදිවාසි පුද්ගලයෙකු  රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මහියංගන, දඹාන, කොට බකිනිය ගම්මානයේ ඌනෑපාන වරිගයේ ඉන්දික  නම් වසය අවුරුදු 34ක් වන ආදිවාසි එක් දරු පියෙකි. බිරිද රැකියාවක් සදහා විදෙස් ගතවි සිටි.

දඹාන ගුරුකුඹුර ගම්මානයේ වනජිවි කාර්යාලයට ආසන්නයේදි (300-400 මිටර්) මෙම වන අලියාගේ ප්‍රහාරයට ලක්වි ඇති අතර ඒ ආසන්නයේ වු විදුලි වැට කඩාගෙන වන අලියා ගම් වැදි ඇත.

විදුලි වැටේ විදුලිය නොමැති කමින් නිරන්තරයෙන් අලි ගම් වදින බවත් මාස 2ක් තිස්සේ එක්තරා දරුණු වන අලියෙකු ගම් වැදි නිරන්තර ගම්මානයේ නිවාස හා දේපල හා වගා භුමි විනාශ කරන බවත් මේ ඉතා කෙටි කාලය තුල ආදිවාසි ගම්මානයේ නිවාස 15ක් පමණ කඩා දමා විනාශ කර ඇති බව ආදිවාසි නායක විශ්ව කීර්ති  වනස්පති  වන්නිලා ඇත්තෝ ප්‍රකාශ කර සිටි. තවද මෙතෙක් කල් නොසිටි දරුණු මෙම අලියා කොහෙන් හෝ ගෙනවිත් දමාන්නට ඇති ඇති බව ආදිවාසින් ප්‍රකාෂ කර සිටි. අක්‍රිය විදුලි වැට හේතුවෙන් වන අලි නිරන්තරයෙන් ගම් වදින බවත් ආදිවාසි ගම්මානයේ තවත් මෙවන් ජිවිත හානි හා දේපල හානි සිදු කිරිමට පෙර කඩිනමින් මේ සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටි.



No comments:

Post a Comment